මගේ ටීම් ලීඩ කියපු විදිහට මට යන්ඩ තිබ්බේ බෙරලපනාතර
ඉස්කොලේට....ඉස්කොලේ පරිඝනක පද්දතියේ මේන් සර්වර් එක නැවතිලා කියල ජොබ් එකක් ලොග්
කරලා තිබුනා...
මේ කාලේ වෙද්දී මට ලංකාවේ බොහෝ මගතොට ගැන එච්චර
දැනිමක් තිබ්බේ නැ.. හැබැ අපේ ඔෆිස් එකේ අපිට වෙන්කරලා තිබ්බ කොටසේ බිත්තියක එල්ලලා තිබ්බ තඩි ලංකා සිතියමක්...
" අයියේ ඔය ඉස්කොලේ කොහෙද තියෙන්නේ
"
"මාතර පැත්තේ බං. හැබැ ඇඹිලිපිටියට ලඟයි..ඔය
සිතියමේ බලහං"
බෙල්ල උලුක්කොරං අර සිතියම බැලුවත්....ඒකේ ඇඹිලිපිටිය...ඌරු
බොක්ක....බෙරලපනාතර කියලා ලියල තිබ්බට ඌරුබොක්ක කියලා සටහන් වෙලා තිබ්බ තැනින් එහාට
පාරක් පෙන්නුම් කොරන්නැ....
" අයියේ කො මෙකේ නම විතරනේ තියෙන්නේ පාරවල්
නෑනේ...."
" හරි
හරි බං මට ඉස්කොලේ සර් කතා කරල තියෙන්නේ ඇඹිලිපිටිය පැත්තේන් පලයං..බස් තියෙනව
කිව්ව්..."
රස්සාවට ඇවිත් මාසයක් විතර යනකං බස් එකේ ගමන
තමා වැඩිපුරම උරුම උනේ..හැබැ මාස දෙකක් විතර යනකොට වාහනයකුයි ඩයිවර් කෙනෙකුයි
ලැබුනා....
පස්සෙන් පහු තමා වැඩේ තෙරුනේ මොකැ ආපුගමන් වහනයක් නොදෙන්නේ....පොඩියට
කට්ටක් කාලා ආපුහාම තමාලු වැඩ කොරන්ට කැක්කුමක් ඇතිවෙන්නේ....
"එහේම තමා ඒකේ ඉන්න ලොකු උං කියන්නේ"
උදේ පාන්දර 5 ට විතර ඇහැරුනා....තාත්තට කියලා
කළුග්ගල හන්දියට ගොහින් දමාගත්තා...
ඔතැනින් පුලුවං ඇඹිලිපිටිය බස් එකක්
අල්ලගන්ඩ...ඇඹිලිපිටිය විතරක් නොවෙයි රත්නපුර බදුල්ල මොනරාගල බස් ඔතැනින් ගමන්
කොරනව...බදුල්ල කොලඹ පරන පාරයි..අළුත් පාරයි එකට මුනගැහිලා..තව එක බස්නැවතුමක දුරක් ආවම කළුඅග්ගල හන්දිය හම්බවෙනව.... ඔය හංදියෙන් කොළඹ ඉඳන් එනකොට දකුනට
හැරුනොතින් ලබුගමට යතැකී...
උදේ 6 ය විතර වෙනකොට ආපු C.T.B බසයක නැගල
ඇඹිලිපිටිය බලා පිටත් උනා...වෙලාවට ඒ බස් එක ඇඹිලිපිටියට විතරයි ගමන්ගන්නේ.....මොකැ මේ
ජීවිතෙ පලමු වතාවට බස් එකකින් ඇබිලිපිටි යනවමයි....
පොඩි චකිතයක් හිතේ නැතුවා
නොවෙයිනොවැ...10 විතර වෙනකොට දෙයියනේ කියලා ඇඹිලිපිටියට
ආව....ටිකක් දවල් වෙලා හින්දදො..ටවුම එච්චර කලබල නැ....ලොක්කනං කිවුවේ කෑල්ල හරහා
ඌරුබොක්ක බස් එකේ පලයං කියලා. ඒ උනාට කාගෙන්හරි අහන්ට එපායැ....ඔය බස් නවතුම්පලේ
හිටපු කොන්දොස්තර අයියල කීප දෙනෙක් ලඟට මාත් කිට්ටුකලා....
" අයියේ බෙරලපනාතරට යන්ඩ ඔන මොන බස්
එකේද..."
" කෑල්ල
හරහා යන බස් එකේ නගින්ඩ ඒක ලඟයි..."
නමුත් එතන
හිටපු තව කෙනෙක් කිව්වෙ වෙන කතාවක්...
" මල්ලි
ඔය කෑල්ල හරහා යන රුට් එකේ වැඩිය බස් නැ..අනික කැලේ..බස් එක කැඩුනොත් අනාත
තමා...ඊට වඩා හොඳා මිද්දෙනියට ගිහින් යන එක..."
ඔය කතාව අහල මාත් නැග්ග මිද්දෙනිය බස් එකක....
ටික වෙලාවකින්
කට කපලා පිරුන බස් එක මිද්දෙනියට යන්ඩ පිටත් උනා...
මිද්දෙනියට එනකොට 11.30 ට විතර ඇති...ඒදා පොල
දවසක් නිසා ටවුමේ සෙනක පිරිලා හිටියා....
දැන් මෙතන ඉඳලා මොකේද යන්නේ....බස් පොලේ හිටපු
ටයිම් කීපර් උන්නැහැ ලඟට පොඩ්ඩක් කිට්ටු උනා...
" මාමේ බෙරලපනාතරට යනවනං කොහොමද යන්ඩ
ඔන..."
" ලමයො
කොටපොල බස් එකේ නගින්ඩ එතකොට බෙරලපනාතරට යන්ට ඇහැකි...හැබැ මේ දැන්තමා ඔය කියන බස්
එක ගියේ..ආයි එකක් තියෙන්නේ 12.40 ට...."
දැන් මොකෑ කොරන්නේ ඉස්කොල දවල් 2.00 ට
අරිනවනේ...මට ඒ වෙලාවට යන්ඩ පුලුවන්ද කියන එක සැකයි...ලොක්කට කොල් එකක් අරන් බලන
එක තමා හොඳම.....මගේ වෙලාවට මිද්දේනියට ඩයලොග් සිග්නල් තිබ්බේ නැ...ඒකටත්
කොමිනිකේෂන් එකක පිහිට පතන්ඩ සිද්ද උනා...
" අයියා මම මිද්දේනියේ ඉන්නේ
බෙරලපනාතර යන බස් එක පරක්කු වෙලා යන්නේ මොකද කරන්නේ..."
" අවුලක් නැ සර් උදේ මට කතාකලා..උඹ
පලයන්.....සර් ඉන්නව.."
දහවල් 12.40 ට පටන්ගත්ත බසයේ නැගුන මම නැවත ගමන
පටන්ගත්තා සිත කෙතරම් නොසන්සුන්ද යත් බසය යන වේගය පිලිබඳව ඇතිවුයේ කොපයක්....එය
ඉහවහා ගියේ කටුවන හංදියේ බසය නවතා රියදුරා සහ කොන්දොස්තර ලඟ තිබු කඩයට ගොඩවැදි
මෙනි...
බසය නැවත ගමන් ඇරඹුවේ තවත් පැය කාලක් ගතවූ
පසුයි....
මා රැගත් බසය ඌරු බොක්කට ලඟාවනවිට පාසල්
ඇරුණු ලමුන් මහමග දක්නට ලැබුනි..ඉතින් මා පත්ව ඇති තත්වය ගැන කුමන කතාද.....
කෙසේ හෝ සවස 3 පමන වන විට මාහට බෙරලපනාතර
විදුහල අසලින් බැසගත හැකිවිය....
පාළුවට ගිය විදුහල් භූමිය දකිනවිට ඇතිවන්නේ
කිව නොහැකි තරමේ කනස්සල්ලකී...." මොකට මා මෙහි ආවාදැයි සිතුනි..දැන්නම් ආපසු
යැම කල නොහැක..රාත්‍රිය ගතකරන්නේ කොහේද....දහසක් සිතිවිලි වලින් මා සිත ව්‍යාකුල
වී ඇත....සුසුමක් සලමින් ගෙට්ටු පළු දෙක තල්ලු කලේමි...
"
විජේපාල.., මහත්තයා ආව....."
පහල ශාලාවක
සිට ගුරුමහතේකු පිටතට පැමිනියේය....තරමක් තරුණ පුද්ගලයේකු වු මොහු සිනහවකින්
සංග්‍රහ කරමින්ම පැමිනියේය.....
"හම්මෙක්...." මා නොදැනිම මුවින්
සුසුමක් පිටවිය.
"මම
හිතුව ඉස්කොලේ ඇරිලා ඔක්කොම ගිහින් ඇතිකියලා...."
"ආ නෑ මම අජිත් මහත්තයට කතාකලා....ඔබ තුමා එනවම කියලා එයා කිව්වා..."
" ඔවු
බස් එක ටිකක් පරක්කු උනා එකයි..."
" ඔව්
මේපැත්තේ බස් ඔහොම තමා..."
පහල ශාලාවේ
ඇති පරිඝනක කාමරයට ගොස් ආකාරිය අවසන්කරන විට හවස 6.00 පසුවී තිබින...
" සර්
කොලඹ යන බස් එකක් අල්ලගන්නේ කොහොමද...."
" අපෝ
දැන් ඉතින් එක ටිකක් අමාරුයි..මහත්තයෝ....අද අපේ දිහා නැවතිලා හෙට උදේම
පිටත්වෙන්ඩ..."
මොහු මේ කියනා
දේ මේ වනවිට මාහටද ඒත්තු වී තිබින...මේ රැ නොදන්නා පලාතක මහමගට බැස අමාරුවේ
වැටෙනවාට වඩා..රැය නැවතී පසුදා උදැසනම පිටත්විම..නුවනට හුරුවිය...
" සර්ගේ ගෙවල් මේ ලඟමද..."
" නෑ
මහත්තයෝ දෙනියායේ ටවුම කිට්ටුව..."
" එතකොට
අපි කොහොමද දෙනියායට යන්නේ දැන්..."
"කොටපොලට
යන අන්තිම බස් එක මෙතනින් යනව රැ7.00 වෙද්දී.. අපි එකේ ගිහින්...කොටපොලින් දෙනියාය
බස් එකක් අල්ලගම්මු..."
කෙසේ හො අප දෙනියාය ඔහුගේ නිවසට පැමිනෙන විට
රාත්‍රි 8 ට පසූවි තිබින....රාත්‍රිය තරමක් සීතගතියෙන් යුක්ත විය....
ඩයලොග් සිග්නල් තිබු බැවින් අම්මාට කතාකොට
විස්තරය පැවසීමි..
දහවල් තිබු කලබල කාරි බව දැන් සිතින් බැහැරවී ඇත....ඒ බැවින්දො මාහට හොඳින් නින්ද ගොස් තිබින...
මෙම නිවස පිහිටා තිබුනේ තේවත්තක් මැද බැවින් ....උදැසන
අවට ඉතා සුන්දරය...
උදැසන ආහාරද
මාහට ලබාදුන් ගුරුමහතා දෙනියාය බස් පොලට මා ඇරලීය...
රත්නපුර දෙනියාය බසයක නැගුන මා..සූරිය
කන්ද...හරහා රක්වානට විත්... දහවල් වනවිට රත්නපුරයට ආ වෙමි. ඒ එන මග තේ වතු මැදින්
මීදුම අතරින් කීයා නිමකල නොහැකි සුන්දරත්වයකින් යුක්ත විය....
රත්නපුරයෙන්..කොළඹ බසයක නැගුන මා හවස්වනවිට
ගෙදරට පැමිණීමි..........