කොඳුරු
ගුලිය නද දෙන ගෙයි පියසි කොන
ගොම
මැටි කූයිලයට කිවිසෙන නාස් කොන
ඇවිසුන
තෙල් පින්න විසිරෙන පිළිකන්න
නාඹර
කෙසේල් කැන් පිපිරෙන
කෙසෙල් වල
නෑඹුල්
පුසුඹ විදිදෙන මහා ගොයම් කොළේ
කිරි
කජු සුවඳ පිරි පුහුළන් කජු යායේ
රතු
කැට පොකුරු පිරි එරබදු බඩවැටියේ
සැවුලෙක්
නගයි කන්කළු පද තුරු මුදුනේ
ලපයා
වක ගැසී කොඳුරයි ඇඳ මුල්ලේ
පුපුරා
නැගෙන ගිනිකෙලි හඬ වැට අයිනේ
කිරිබත්
පැණි කැවුම් සපිරුණු මැද සාලේ
පවසයි
කනින් කොන බක් මහේ සරු සාරේ..!!
හීන් නගා ඇයි ගෙයි මුල්ලේ.....
ReplyDeleteසිංදුව ඇහෙනව වගේ දැනුනා රාජ්ගේ කවි ටික කියෝනකොට....!
හෆොයි කමක් නෑ කපුගේ නොවැ
Deleteපරණ බ්ලොග් කාරයෝ ආයේ අවදිවෙමින් ඉන්නවා වගේ... මගේ බ්ලොග් රෝලේ ලියන්නයි, රාජුයි බොහොම කාලෙකට පස්සේ අද අප්ඩේට් වෙලා...බොහොම සතුටුයි...
ReplyDeleteදිගටම රැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
බොහොම ස්තූතීයි සෙන්නා හැකිවිට ලියන්නෙමි
Deleteදැක්කෙමි..!
Deleteවීයා උඹවත් දැක්කේ බොහොම කාලෙකින්. මොනාද බොලා දැක්කෙ ??
Deleteඑහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDelete(හැම ලපයම රතිඤ්ඤ වලට බයයි)
සුබ අලුත් අවුරුද්දක් සර් අපේ බලු යාලුවො ගැන කල්පනාවෙන් රතින්ඥා පත්තුකරමු ඇපි හැමොම නෙද
Deleteඅවුරුදු සිරිය.... අනේ මන්දා..?
ReplyDeleteතියෙන විදිහට විඳිමූ වීයා
Deleteදැන් එරබදු, කිරිකජු හොයාගන්න අමාරුයි ටිකක්.
ReplyDeleteබ්ලොග් වසන්තය පටං අරන් වගේ.
ඒකමයි ලිව්වෙ ප්‍රසා කජුපුහුලන් කාලා ජොලියක් දාපුහැටි කොහොමද බ්ලොග් වසන්තෙට එන්න 30 දා
Deleteපට්ට...
ReplyDeleteපට්ට සුබ අළුත් අවුරුද්දක් වේවා
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් මචන්
Deleteමෙහෙම අවුරුදු දැන් නෑ නෙ බං
ReplyDeleteඅම්මපා....
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com