දැන් වෙලා තියෙන සන්තැසිය කවුරු කවුරුත්
දන්නව නොවැ....දන්නැති කට්ටියට ඔං පරන පාර...උදේ පාන්දරම ඔය කතාව අහගත්තට පස්සේ
අපේ යාලුව තවත් අප්සෙට් ගියා....මිනිහා ඔෆිස් එකට ගියත් දවල් කතාකරල කොඩියට කියල
ඔලුව බරයි..කවුද පිටිපස්සේ හිටගෙන ඉන්නව ..වගේ කියල...අපිට මේ කතාවලට හිනා ගියත්
මිනිහා පුල් අප්සෙට් පිට තමයි හිටියේ......
ඒ වගේම තව අමුතු වැඩත් වෙන්ඩ පටන් අරං..කාමරේ
තිබ්බ වතුර බොතලයක් මිරිකල පුපුරවල දාල තිබිල....කවුරු හරි උවමනාවෙන් විසිකරපු
විදිහට කාමරේ වතුර ඉහිරවල තිබිල තියෙනව...
ඔය නිසාම තමයි කට්ටිය ගොඩගම පැත්තේ යන්ත්‍ර
මන්ත්‍ර ගුරුකම් කරන තැනකට ගියේ...මේ ගැන හොයල බලන්ඩ කොඩියා කියන විදිහට කට්ටිය
මුකුත් කියන්ඩ කලින්ම ඒ තැනින් කිය උනාලු මෙන්න මෙහේම
"ලමය මාස තුනකට කලින්
ස්ථානය මාරුකලා නේද......"
මීට මාස තුනකට කලින් තමයි කොඩියල හිටපු තැනින්
මෙතැනට ආවේ....
" කවුරු හරි ඔය ඉන්න
ස්ථානයට මළගිය ප්‍රාණ කාරයේක් බන්දනය කරල තියෙන්නේ ඉක්කමනින් ඔතැනින් පිටවෙන්න...
ඔය තැන ඉන්න කාටත් හොඳනෑ ...."
ඔහොම කියල අපේ
යාලුවට ආරක්ෂක නුලක් දාල...හැබැ..පිළි ජාති මුකුත් කන්ඩ එපා කියල..එවලා
දැන් මේ කතන්දරේ ගේ අයිතිකාර ඇන්ටිට කියලත්
බැ..නොකියත් බැරි තත්වයක් තියෙන්නේ....හැබැයි වෙලාවට මේ කතන්දරේ කියන්ඩ හොඳ
වතාවරනයක් ඉබේටම සෙට් වෙලා අපේ යාලුවට...ඔය දවස්වලම ඇන්ටිගේ එක දුවෙක් ගිහින්
සාත්තරයක් බලවන්ඩ ඒ තැනින් කියවෙලා
" නරක දෙයක් කැවෙන්ඩ
තියෙනව..ලඟම ඉන්න එක්කේනේක් තමයි කරන්නේ පරිස්සම් වෙන්ඩ කියල...."
ඇන්ටි මේ කතාව කොඩියලට කියල තියෙන්නේ....මොකද.
ඔය ගෙදරට
කොඩියල එන්ඩ කලින් ඉඳලා තියෙන්නේ අර ඇන්ටිගේ සහොදරියකගේ බොඩිමක...ඒ තැන ඉන්ඩ අමාරු
නිසා මෙතැනට ආවට අර කස්ටිය මුනට නොපෙන්නුවට අවුලේන් තමා ඉඳල තියෙන්නේ....
ඔව කොඩියලට ගානක් නැනේ..හැබැ අන්ටිගේ කතාවෙන්
පස්සේ ඔය ගැනත් සැකයක් තියෙනව...
වැඩේ කියන්නේ ඔය නුල දැම්මට පස්සේ මූට පොඩ්ඩක්
හොඳයි වගේලු..රෑට නිදා ගන්නකොට කලින් වගේ ප්‍රෂ්ණ ඇතිවෙලා නෑ....
ඒත් කොහේද කට හින්දාලු මාලුත්
නැහෙන්නේ...කියනව වගේ....අපේ යාලුවා කරොල වගයක් කාලා....දැන් ආපහු පොරට
අප්සේට්.....
දැන් මේක යාලුවගේ තාත්තලත් දන්නව....
තාත්ත දන්න
හොඳ කට්ටඬියෙක් ඉන්නවලු අනුරාධපුරේ....
ඔන්න සෙනසුරාදට කට්ටිය ජල්ලියක් අල්ලන්ඩ
හදන්නේ බලමුකො මොකැ වෙන්නේ කියල.....
ප. ලි
බොහොම ස්තුතී මේ පුංචි බ්ලොග් අඩවියට ආව ගිය හැමොටම ඔය...හැමොම මට ලොකු ශක්තියක් උනා...මොකද මම එහේම කියන්නේ ඔය ගොල්ලො මාව එක සැතපුම් කනුවක් පහු කෙරෙව්ව නොවැ බලන්ඩකො පිටු 10 000 ක් පෙරලලා නොවැ...අහිංසක සතුටක් විඳිනව මම...විශේෂයෙන් සිංහල බ්ලොග් අඩවියටත්....මට ලොකු තල්ලුවක් දීපු දිල්...සහොදරිටත් ටිකක් වැඩියෙන් ස්තුති කලාට කාගේවත් හිතේ කහටක් නෑ කියල මම දන්නව..නැවතත් ස්තුතී ඔබ හැමොටම...






