අතීතයේ සිටි
ගම්මුලාදැනි                                                       රාළලා
මඩට රජ උනේ
වෙල්විදානේ                                                 රාළලා
පහු වෙනකොටැ
ග්රාම සෙවක                                                 රාළලා
දැන් හයි
කාරයෝ නගරාධිපති                                               රාළලා
වසර කිහිපයට
සැරයක් ගම් තුලානේ                                    ඇවිදිනා
ගෙයින් ගෙට
ගොසින් නැළවිලි ගී                                          කියනා
ගෝල බාලයින්
සැම තැන ගුන                                               ගයනා
ඌගේ පැතුම ගම
පුබුදා ගොඩ                                               නැගුමා
සංවර්ධනේ මුල්
කොට ගෙන දස අත වර්ධනේ                     වෙනවා
අරකට මේකට
කියලා එක එක බදු වැඩි                                වෙනවා
නිදි ගැට කැඩු
නගර බබා අනෙක් අතට                         පෙරලෙනවා
ගමේ එවුන්ගේ
කාලය අකාලයේ දිය                                    වෙනවා
වැඩක් පලක්
කරගැන්මට නගර බබා වෙත                             ගියාට
දොළ පිදේනී
නැතුව ඉතින් වැඩ කෙරෙන්නේ නෑ               හනිකට
හරි හපනුන්
එකේ එවුන් වැරදි සොයා ගතු                          කියන්ට
හාර මාසයක්
ගතවෙයි හැබැයි වැඩක්                             කරවගන්ට            
ඉහල ඈයෝ බෙරිහන්දී වේදිකාව මත නැටුවට
කොපමණ වෙහෙසක් ගත්තත් රට ජාතිය නංවන්නට
සිතුවිලි වල නව වෙනසක් හෙට දිනයේ ඇති නොවන්ට
තිස් වසරක් ගියා වගේ රට යයි පස්සෙන් පස්සට
ඉහල ඈයෝ බෙරිහන්දී වේදිකාව මත නැටුවට
කොපමණ වෙහෙසක් ගත්තත් රට ජාතිය නංවන්නට
සිතුවිලි වල නව වෙනසක් හෙට දිනයේ ඇති නොවන්ට
තිස් වසරක් ගියා වගේ රට යයි පස්සෙන් පස්සට
