ආ....ද...ර...ය....
ආකල්ප
දරාගැනිම්
රාගය
යල්පැනීම්
කෙස් ගහෙන්
මිස් උනොත් බූට් එකක්....
ආදරය කියන වචනයේ තියෙන අකුරු 4 ර අතරේ ඔය ඉහලින් ලියලා තියෙන වචන සැඟවිලා නෑ කියල ඔබ හිතනවද....?
සිතිවිලි අතරේ කිමිදිලා ඉන්න වෙලාවක මට එහේම හිතුනා
පොඩ්ඩක් හිතල බලන්න ඔය වචන අතර ආදරය
දොලනය වෙන්නේ නැද්ද කියලා..............
අනික ඔය වචන වල ගැඹුරට කිඳා බැස්සොත් ඔබට නොහිතෙන
එකක් නෑ කාපු බූට් එකකට මුල් උනේ ඔය
වචනයක්ම නේද කියලා.
හොඳයි උදාහරණයක් විදිහට ආකල්ප කියන මූලය ගන්ට ආදරයක් ඇතිවෙලා
කෙල්ල එක්ක හරි කොල්ල එක්ක හරි ලස්සනට ආදරය ගලාන යනකොට ඔබෙ ඔලුවට වෙනස්ම විදිහේ
සිතිවිල්ලක් පහලවෙනවා........
ඒ කියන්නේ ආකල්පමය වෙනසකට ඔබ මුහුන දෙනව ඉතින් ඔබේ ඇතිවෙන වෙනස් වීම
හේතුවෙන් ආදරයට තීත වැටෙන්ට බැරිද...?
ඒ වගේම ආකල්ප වෙනස් වීම නිසා වැනි වැනි ඉස්සරහට
ගිය ආදරය දළුදාල ශක්තිමත්ව ඉස්සරහට යන්ට පටන්ගත්තොත් එකත් පුදුමයක් නෙමෙයි නෙද......?
ඉතින් මේ අපූරු වචන හතර ගැන ඔබට හිතෙන්නේ කොයි
විදිහටද.....?
හොව් පොඩියකට නැවතිලා නිවිහැනහිල්ලේ පොඩ්ඩක්
හිතන්ට ගැඹුරට.
මේ වචන 4 ර හරියට බැලන්ස් උනොත් ආදරේ සුන්දර
කරගන්ට නොකැකි වෙන් නෑ නොවෙද..?
ඔබේ
අදහසත් පහලින් කෙටුවොත් අන්තිමට අපිට
සුපිරි විසඳුමක් ලැබෙන එක සිකුරුයි..!!!!!!
එකගයි. සම්පුර්ණයෙන්ම. එත් ආදරය කියන දේ විස්තරයක් කරන්න බැරි මහා සාගරයක්
ReplyDeleteම්..එකනම් ඇත්ත
Deleteඔබේ අර්ථදැක්වීම සාධාරණයි.. ඒ උනාට වර්තමාන ආදරය ආර්ථික සාධකත් එක්ක ගොඩාක් පැටලිලා නිසා සැබෑ ආදරයක මිහිරක් ආදරවන්තයින්ට දැනෙනවාද යන්න ප්‍රශ්නයක්...
ReplyDeleteඔවු වානිජකරණය විකෘති විදිහට සමාජයට බලපාලා
Deleteadaraya kiyanne aththatama pissuwak thama
ReplyDeleteඑකපැත්තකින් එකත් හරි තමා
Deleteආදරේ කියන්නෙත් හරිම මෙව්ව එකක් තමයි.
ReplyDeleteඅපොයි ඔව් හරිම මෙව්වා එකක් සහෝ
Deleteමේව්වා එකක් කිව්වේ කොව්වා එකක්ද අයියේ...
Deleteදන්නැද්ද අර මෙව්වා... දන්නෑ වගේ අහන හැටි...!
Deleteමෙව්වා එක එව්වා මෙව්ව වගේ නෙවේ ලු බං..
Deleteඕකට උත්තර මංගාව නෑ බං... අන්න දුකා අය්යත් ලියල තිබ්බ....
ReplyDeleteඔව් මාත් එපැත්තේ ගියා මචං
Deleteඔව් ආදරය කියන වචන හතර ඇතුලේ ඔය දේවලුත් තියනවා..නමුත් ආදරය මෙහෙමයි කියලා වචනාර්ථයක් දෙන්න නම් හුගක් අමාරුයි කියලා හිතෙනවා....
ReplyDeleteඔව් ආදරයා එක්තරා සීමාවකට කොටුකරන්න අමාරුයි
Deleteමම නම් දන්නේ ආදරය වේදනාවක් පමනයි සැබෑ සුවයක් නෑ කියලා විතරයි...
ReplyDeleteඑහේම කියන්ට එපා බට්ටියේ කලුවලාවන් අතරේ රිදී ඉරක් තියෙනවා
Deleteඅපි ආදරය කරන්නේ අවංකවනම් අපේ ආදරය පිවිතුරුයි නම් මේ මොනව උනත් අවසානයේ ආදරය ජය ගන්නවා
ReplyDeleteඔව් හැබැ සමහරක් වෙලාවට කටුක අවස්ථා ගොඩකටත් මුහුන දෙන්ට වෙනවා
Deleteමට අවුල තියෙන්නෙ "ය" තමයි.
ReplyDeleteතාම එහෙම වෙල නෑ නෙ..................
තාම නෑ...නොනේ.
Deleteඑහෙම එහෙම වෙන්නෙත් නෑ නේද..................
Deleteහෙක්..හෙක්..අපෝ නෑ..
Deleteසිංහලෙන් කිව්වොත් Live,Let Live කියල තමයි මම නම් ඔය වචන හතරේ තේරුම දකින්නේ..
ReplyDeleteසහෝ ඒ සිංහල දැක්මත් සුන්දරයි
Deleteකථාවට මමත් එකගයි නමුත් ආදරයට අර්ථකතකයක් දිය හැකිද හරියටම ? ? ?
ReplyDeleteමම හිතන්නෙ නිවාරදි අර්ථකතනයක් දිය නොහැකියි...
එක එල්ලේම අර්ථකතයක් දිය නොහැකි නමුත් අපිට හිතාබලන්ඩ පුලුවන් නේද
Deleteසමුරු සයුරකි ආදරේ මිහිරි රහසකි ආදරේ නිමි නොවෙන බව දැනුනත් වෙන් වීමක් නොමෙති ...........
ReplyDeleteඅඩේ මමත් ඔය පදේ අසා තිබේ කොතැනකදී හෝ.....
Deleteමුල් තුනට නම් එකඟයි රාජ් අය්යේ
Deleteයල් පැනීම් කියන දෙයින් අදහස් කරේ මොකද්ද??
යල්පැනිම කියල අදහස් කලේ අපේ සිතිවිලි තමයි මොකද ආදර සිතිවිලි වලට හොඳ ජීවයක් තියේ නම් කවදාවත් යල්පනින්නේ නෑ හැබැ ඔහේ වැනි වැනි යන සිතිවිලි නම් අපට තියෙන්නෙ, සිතිවිලි යල්පනින්න තියෙන ඉඩකඩ වැඩි නොවැ එතකොට ආදර කතාවට බ්‍රෙක් වැටෙනවා
Deleteමමනං දන්නෑ ඕවා.....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජ්ජුරුවො කොහොමෙයි ඔවා දන්නේ අඃතප්පුරයක් නෙව ඉන්නේ
Deleteමට ලැබිලා තියෙන අත්දැකීම් අනුවනම්...
ReplyDeleteකලෙකදි වහලු - කලෙකදි රස වෙනවාලු....
බලාන යනකොට එකත් ඇත්ත වෙන්ට පුලුවන් නෙව අයියේ
Deleteආදරේ ඔක්සිජන් වායුව වගේ.. පේන්නෙ නෑ ඒත් තියෙනවා.. දැනෙන්නෙ නෑ..ඒත් අපිව ජීවත් කරවනවා.. වැඩි උනත් අඩු උනත් අපිට යම් අපහසුතාවක් දැනෙනවා..මව් කුසෙන් බිහිවෙලා අන්තිම හුස්ම හෙලන තෙක්ම අපි ළඟ තියෙනවා..රාගය දීප්තිමත්ව ගිණි ගන්න නම් ආදරය කියන ඔක්සිජන් අත්‍යාවශ්‍යයි..මේ දැන් මට හිතෙන්නෙ ඔන්න ඔහොමයි..
ReplyDeleteනැවතිල්ලෙ හිතල බැළුවම ...... ඒකත් හැබෑව.
Deleteබලාන යනකොට වෙනි අයියේ ආදරය වටා ගෙතිච්ච නිර්වචනත් හරිම අපූරුයි නේද
Deleteපොඩි කාලෙ The Police කියන සංගීත කන්ඩායම ගයපු මේ ගීතය මගෙ ප්‍රියතම එකක්. මුල් පද හතර විතරක් කිව්වොත්:
ReplyDeleteLove is like oxygen
You get too much you get too high
Not enough and you're gonna die
Love gets you high...
වෙනියගෙ කමෙන්ට් එක දැක්කම මතක් වුනේ.
henryblogwalker the Dude
ඉංග්‍රිසි සිංදු ගැන නම් ඩියුඩ්ට තියෙන්නේ අපූරු මතක සම්භාරක් නේව ආදරය කියන වචනයත් එක්ක බැදුනු නිර්මාණ නම් අපමනයි නේද
Deleteකියවන්න ආපු පලවෙනි දවසෙම කරකෝලා අතාරින පෝස්ට් එකක් කියෙව්වේ..
ReplyDeleteකෙස්ගහෙං මිස් උනොත් සිරාවටම බූට් එකක් තමා..
ස්තුතී මේපැත්තේ ආවට ආපහු එන්න....සහෝ සමාජයත් එක්ක බැඳුනු දෙයක් නේව ආදරය
Deleteආදරේ ඇතිවෙන්නෙත් නැති වෙන්නෙත් කෙස් ගහක පරතරේ වගේ සුළු දෙයකින්...එත් සැබෑ ආදරේ මහා මුහුදක පරතරයකින් වත නැති වෙන්නේ නෑ...
ReplyDeleteඑක හරි සුන්දර හදවත් සිත් දෙකක බැඳීම හරිම ශක්තිමත් ඔව්
Deleteඕක නිකං මොකක්ද එක වගෙ....... එක එක අයට එකාකාරයි...:))
ReplyDeleteහරියට හරි ලොක්කා
Deleteඅයියටත් හිතෙන දේවල් ඈ... අනේ මන්දා ආදරේ හැඩය තාමත් හොයනවා මම, හම්බවුණොත් කියන්නම්කෝ...
ReplyDeleteනිවිහැනහිල්ලේ හොයපන් මල්ලියේ සුන්දර හැඩයක් ලැබෙන්න කියල පතනවා
Deleteඅනේ මන්ද, අර (සිංහල) රාජ් කිව්ව වගේ ඒකත් මාර මෙව්ව එකක් තමයි. සමහරු ආදරය නිසා ජීවත් වෙනව. සමහරු ආදරය නිසා මරා ගන්නව.
ReplyDeleteඑකනම් සහතික ඇත්ත නමුත් මරාගන්න එකනම් සුබ දෙයක් නොවෙයි..මරාගන්නේ ආත්මර්ථකාමය වැඩි නිසා නෙව
Deleteඅනිවාර්යෙන්ම......පට්ට
ReplyDeleteඑකනේ පට්ට...පට...පට
Deleteපට්ට ඇත්ත අයියේ....
ReplyDeleteරාගය නිසාමත් ආකර්ශණය ඇතිවෙනවා ඒ ආකර්ශණය මත ආදරය ඇතිවෙනවා කියන එකයි මමත් හිතන්නේ.... ආදරයේ පදනම රාගය විය යුතුයි.පස්සේ කාලෙකදි රාගය රහිතවත් ආදරය ගෙනියන්න පුළුවන් වේවිද දන්නෑ මම කියන්නේ 60 පැන්නම...
ආදරයට වහල් වෙන්න හොඳ නෑ කියලා කොයිතරම් හිතුවත් ආදරය කරන කොට නිකන්ම ඒකට වහල් වෙනවා...
ඇත්ත ආදරයට වහල් උනාට කමක් නෑ හැබැ වහලේක් නොවී නේද
Deleteආදරය ගෑන් ඉතින් තවම හරියටම නිර්වචනයක් දෙන්න පුලුවන් කෙනෙ නෑහෑලුනේ.. ඒත් ඈත්තම කියන්නම්කො පොස්ට් එක කියවලා ඉවර උනහම මට ඈත්තම හිතුනේ රාජ් දන්න දේවල් කියලා තමයි..
ReplyDeleteජය
ස්තුතී මලේ මේ ඉතින් මට හිතුන එක් පැත්තක් නොවැ...අපි නොදන්න තව කොච්චර නම් දෙවල් තියෙද ආදරය ඇතුලෙත් ඉන් පිටතත්...ජයෙන් ජය
Deleteආදරේ යල් පනිනවද? මට එක පාරම හිතුනේ ඒ ගැන.. හැබැයි ඉතින් අමතක කරපු බුට් ගැන හිතුවොත් නම් ඒක ඇත්ත.. ඒත් බූට් නැති ආදරයක යල් පැනීමක් නෑනේ.. හරිද මන්දා කිවුවා..
ReplyDeleteහරියට හරි ආදරේ යල්පනිනව කියන්නේ ප්‍රතිඵලය බූට් එකක් කියන එකනේ
Deleteආදරේ ද............ඔව්වා මන් දන්නේ නැ අයියෝ.. :p
ReplyDeleteසිරාවටම මේක ඇත්ත තමා.ඔය හතර එකට තිබුනොත් ආදරේ තියනවා.ඔකේන් එකක් හරි මිස් උනොත් සොරිම තමා
මටත් හිතුනේ එහේම
Deleteඅදරේ නැතිවෙන්න ඒ දෙන්නාග් විතරක් නෙමෙයි දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්තත් හේතු වෙනවා. ඒ යාගෙ දෙමව්පියෝ. ඒත් සැබැ ආදරේ එහෙම නැ කියන්න එපා.මට එයාව විශ්වාසයි.. මටත් දැන් සති දෙකකට විතර උඩින් වුනේ ඒකයි..තාමත් බැ හිත නිවා ගන්න හදා ගන්න.නමුත් ඔයා හරි.
ReplyDeleteඅම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් තිබෙන ආදරය නිසා ස්මහර වෙලාවට ආත්මාර්ථකාමි තීරණ වලම ඉන්නව වෙලාවකට එවායින් හොඳක් සිද්දවෙනවා වගෙම අවාසනාවන්ත තත්වයකට මුහුන දෙන්ටවෙන අවස්ථාත් නැතුව නොවෙයි. කොහොම උනත් ඔයාගේ ජිවිතයට සතුට ඉක්මනටම ලඟාවෙන්ට කියල මම ප්‍රර්ථනා කරනවා
Deleteමේක සරල දෙයක් නෙවෙයි ඒත් ඉතිං පොඩ්ඩ බැරි වුනොත් ලොකු විනාසයක් වෙන්න පුළුවන්.
ReplyDeleteඅනිවා මචො
Deleteප්‍රේමය නිසා ශෝකය උපදී
ReplyDeleteප්‍රේමය නිසා භය උපදී
ප්‍රේමයෙන් මිදුන කල
ශෝකයද,භයද නැත
අපි පෘතක්ජන මිනිස්සු නොවැ කස්සා
Deleteඅයියා කියලා තියෙන කාරනා හරි තමා.. අනේ මංදා.. ආදරේට නිර්වචන නෑනෙ..
ReplyDeleteඑකනම් ඇත්ත හිතු
Deleteමට නිකන් මෙව්වා මෙව්වා වෙලා ගියා ඇත්තටම මොනවද අර වචන හතරේ තේරුමි....
ReplyDeleteආදරේ හරියට අර වචන හතර වගේද මන්දා හරිම බරයි ඒ මදිවට තෙරුමි ගන්නත් බෑ අනේ මන්දා...........