Friday, August 12, 2011

ගල්ඔයෙන් වමට හැරී...... කොක් දුවට............


පාන්දර පින්න හාත්පස වාතයත්..අවට තණ පඳුරුත් තෙත්බරි කොට ඇත. රාත්‍රි දුම්රියෙන් ත්‍රීකුනාමලය වෙත පැමිනි අප,පලමුව අපගේ මිතුරාගේ නිවස්නය වෙත පිය නැගුවෙමු.නගරය මධ්‍යයෙන් මඳක් ඉවතට වන්නට පිහිටා තිබු ඒය..පුරාන විජාතිය බලපැම් වලට ලක්ව නැගුන ගෘහ නිර්මණයන්ගෙන් යුක්තවූවක් විය.

මඳක් විඩාබර නෙත් ඇත්තන් වූ අපව ඔහු සාදරයෙන් පිලිගනු ලැබීය. උදැසන ආහාරයෙන් සන්තර්පව ටිකවෙලාවක් වීඩානිවූ අප, රැගෙනයාමට පැමින තිබු රියෙහි නැගුනේ ත්‍රීමළයේ පහස වීදීමටයි. දුහුවිලි වැකුන ගුරු පාරේ බොහො සුදු සමනළයින් පියැඹුහ...පලමුව කින්නියා උනුවතුර ළිං වෙත පැමිනි අප ඉට ළඟාවිමට මඳ දුරක් පයින් ගමන් කල යුතු විය.....

යුද්ධය හේතුවෙන් නටඹුන් වූ නිවෙස්නයන් මෙහිද දක්නට ලැබුන අතර කුඩා දෙවොලක් සහ බොධීයක් ද ඒතර තිබින....බොහො දමිල ජනයා එහි ගැවසුනේ ඔවුන්ගේ එදා වෙල සරිකර ගැනිමට, යම්යම් දැ මිල කිරිමටයි. ඒ අතර සාත්තර කියමින් එමේ අත ගමන් ගත් අහිකුන්ටික ජනයා ද විය....

එතැනින් නික්මුන අප ඒ ප්‍රදේශයේ තවත් සොඳුරු දසුනක්වු කින්නියා පාලම ද නැරඹීමට අමතක නොකලේමු. නැවත ත්‍රීමලේ නගරද්වාරය පසුකල අප, දමිල ජනයාගේ මෙන්ම සිංහල ජනයාගේ ද නිරන්තර පුදසත්කාරයන්ට බඳුන් වූ කොනෙෂ්වරම් දෙවොල වෙත පැමිනිමූ.

පෘතුග්‍රීසි,ලංදෙසී මෙන්ම ඉංග්‍රීසින්ගේ වරින් වර බලපැම් වලට යටත්ව චිරාත් කාලයක් පැවත ආ මෙම දෙවොල ඓතිහාසිකවද අතිමහත් වටිනාකමකින් යුක්තවූවකි.නිරන්තර මුහුදු රළ නගන ත්‍රීමළ ජැටිය ඔස්සේ පැමින කොටුපවුරේ පිවිසුම් දොරටුවෙන් ඇතුල්වී මඳ නැග්මක් සහිත මඟේහි ඉහලට ආ විට දෙවොල දිස්වේ.


වර්තමානයේ මෙහි කොටුව ඇතුලත හමුදා කඳවුරක් පවත්වාගන යනු ලබයි. ඔවුන් විසින් ඒ අවට පරිසරය ඉතා අලංකාර ලෙස සකසා ඇත.ඉහලට නැග යනවිට අවට මුහුදු බොක්ක මනස්කාන්ත දර්ශණයකි. දෙවොලේ එක් පසෙක මායිම සීඝ්‍ර බැවුමකින් යුක්ත වූ විශාල ගල් පර්වතයකි.ඒය මුහුදින් අවසන් වන අතර ගලේ පිහිටා ඇති ගසෙක බොහො පඬුරු ගැටගසා මල්මාලා එල්ලා ඇත…………………….


Friday, August 5, 2011

ගම් වැද......

ගෙදරින් එලියට බට මා අරමුනක් නොමැතිව ගම්මැද්දැවට අඩිය එසවිමි.කුඹුරු යාය හරහා ඇතට වැටුන රාස්සිගේ අවුරැලි ගලේ පන්සලේ කොත් කැරැල්ල තෙක් විහිදි ඇත.ගම හරහා වැටි ඇතී කලු ගැරඩියෙක් වන් මහපාර එක්පසකින් කොලොම්පුරය දක්වාත් අනේක් මග ගම පසුකරමින් ද ඇදෙයි. කන්නයේ වගා සරු හෙයින්දො බොහො පිරිස් කුඹුරු අස්වැන මේවනවිටත් නෙලා ඇත.

මේ පාසැල් නිවාඩු ලැබූ ගැටවුන්ට කෙලීයට තොතැන්නකී. පිරිසක් එල්ලේ ගසයි, ඒ අතර තවෙකෙක් සරුංගලයක් අහසට නන්වන්නට තැත් කරයි.මේවනවිටත් අහස්කුස අරා පියැඹින සරුංගල් කිහිපයක් ගලේ පංසලට ඉහලින් ලෙළදෙමින් තිබේයි. අවට පිසයන මාරුතය වෙනදාට වඩා චංඩය. ඒ අගොස්තු මාසය පැමිනි බවට එක් සාදකයකි.

විටෙක යන මගේහි හමුවන ගැමියෙක් සරල සිනාහවකින් සංග්‍රහ කරයි.ඒ සිනහව නගරයට වඩා බොහො අව්‍යාජය.මෙතෙක් ක්‍රීඩාවේ යෙදිසිටි ලමුන් කුඹුරුයාය පසෙකින් ගලායන ඔයේ දියබුංගසයි. චන්ඩව හමාගිය මාරුතය මදක් මෙල්ලවී ඇතිසෙයකී මෙතෙක් අහසේ සැරිසැරු සරුංගල එකිනෙක කුඹුරට පාත්වෙයි. ඈතින් ඇසෙන දම්පද සුලඟත් සමග ගමපුරා පැතිරියමින් ඇත ඒ වස්කාලයේ එළඹුම බැවින් සැඳැකල පන්සලේ කෙරෙන ආගමික කටයුතුවල පලමු පියවරයි.

ගලේ පන්සලත් කුඹුරු යායත් අතැර හිඩස පිරවිමට මෙන් නැගිසිටින රබර් යායට ඉහලින් බොහො කාකයන් පියාඹී. ඒ උන්ගේ දවෑසේ රාජකාරි නිමැවි රාත්‍රිය ලැගීමට තැතක් දරනා අන්දමයි. නොයෙක් වර්නයන්ගේන් අලංකෘත වූ බටහිර අහස්කුස දැන්දැන් අඳුරු පැහැයකට හැරෙමින් ඇත. මා වවුලන් රටාවකට ඇතින් පියාඹා එයි ...., මාරුතය ඔවුන්ගේ ගමන් රටාවට බාදාවක් වැන්න.

කොලොම් තොට සිට ගම කරා පැමිනි බසයේ හඬින්...... ඔයඉවුරින් නැඟිසිටි මා නිවස කරා පියමැන්නෙමි.....

Tuesday, August 2, 2011

මූතුර් හි කොටි.. ගාඩ්....!

සිරිත්පරිදී ඒදිනය එලැඹී තිබින අරුණාලොකයත් සමග අප නැවතිසිටි අනුරපුරයෙන් පිටත්වූයේ වියාපෘතියේ තවත් දවසේක වැඩකොටස අවසන්කිරිම සඳහායි. 9 ම දෙනෙකුගෙන් සමන්විතවු අප රැගත් රථය මරදන්කඩවල හරහා හබරනට සෙන්දුවිය. හිම්දිරියේ ලා මිදුමද සමගින් වැඩි කලබලයක් නැති මන්සන්දිය උදැසන පිලිගන්නට සැරසේ.

උදැසන ආහාරය මෙහිදි බුක්තිවිඳි අප නැවතත් කන්තලේ දෙසට ගමන්කලේමු. වර්ථමානයේ මෙන් නොව එදවස "2004" මෙම ප්‍රදේශ එතරම් නාගරීකරනයට හසුවී නොතිබින. හතරැස් කොටුව පොලිස් මුරපොල පසුකර විශේෂිත වූ යාකාගේ වංගුව සමගින් කුඩා හමුදා කඳවුරු කිහිපයක් පසුකර නිරුපද්‍රිතව අප කන්තලේට සපැමිනුනෙමු. යුද්ධය තාවකාලික නැවතිල්ලකට භාජනය වී තිබූවද මාර්ගයේ එතරම් මිනිස් ඝහනයක් නොමැති තරම්ය.

තොප්පූර් හරහා මූත්තූර් වෙත යැම සඳහා කන්තලේ නගරයේන් වමට හැරි ගමන්කල යුතුවිය. යුද්ධ කාලවකවානුව තුල එක් විශේෂ ලක්ෂණයක් වූ මර්ගය දෙපස මිටර 50 පමන වූ ප්‍රදේශය ඩොසර්කර වනය තලාතිබිම මෙම මාර්ගයේද දක්නට ලැබුනි. මාර්ගය දෙපස තැනින් තැන තාවකාලික බංකර් සාදාතිබූ අතර මර්ගයේ හමුදා රථයක් හැරෙන්නට වාහන නොමැති තරම්ය.

දුරුකතර ගෙවා මහා දුක්කම් කටොලු ගොන්නක් තුරුලුකරන් ගලන මහවැලි ගඟ තම නොනිම් මෙහෙවර නිමවමින් මුහුදබලා ගමන්කරන මගෙහි අවසන් අදියර කිහිපය පසුකරමින් යන අයුරු කන්තලේ නගරය පසුකරමින් එන ගමනේදී අප දිටිමු. කන්තලේ පසුකර සැතපුම් 40 පමන ආ කල තරමක විශාලත්වයෙන් යුක්තවු ඇළක් සමුවේ, එදවස අලි ඔලුව මංසඳිය හරහා දිවෙන මාර්ගයේ ඇති පාලම කොටීන් විසින් විනාශ කර තිබූ බැවින් තොප්පූර් වෙත යාමට අරකී ඇළ ඉවුර අසලින් වැටිඇති මාර්ගයේ ගමන් කලයුතුවිය.

මඳ චකිතයකින් යුක්ත වුවත් අප එම මාර්ගය ඔස්සේ නැවත තොප්පූර් දෙසට ගමන් ගතිමු. සාරවත් ඇළ පහරක් වූ එය,.. අවට කුඹුරු සාරවත් කරමින් ගලා ගියේය. අවට ගැමි පරිසරයේ වූ අලංකෘතියෙන් අපගේ චකිතය වියැකිගියාක් මෙනි. අප ගමන්ගත් එම මාර්ගය කිසිඳු අයුරකින් තාරවල පහස නොලද්දකී. එම ප්‍රදෙශයේ ගෙවල් හි බොහො ගව ආදී සත්වයන්ගෙන් යුත් සත්ව කර්මාන්තය දක්නට ලැබින.

තරමක් සෙමින් ගමන්ගත් නිසාදො තොප්පුර් වෙත පැමිනෙන්නට අපට අඩ පැයක් පමණ ගතවිය. තොප්පුර් හී හමුදා මුරපොල පසුකර පැමිනි අප තොප්පූර් මහ විදුහල වෙත පැමිනීමු. අප සගයන්ගෙන් 4 දෙනකු එහි කර්තව්‍යන් සඳහා නතරකල පසු නැවත මූත්තුර් වෙත ගමන් ගතිමු. යන මගදෙපස විශාල කුඹුරු යායවල් දක්නට ලැබින ඇත්තේන්ම මඩකලපුව, අම්පාර ප්‍රදේශයන් හි මෙවන් විශාල කෙත්වතු සුලබ දසුන් වේ.

එකල මෙහි මාර්ගයන් අන්තිම අබලන් තත්වයේ පැවති හෙයින් තරමක කාලයක් ගෙවා අප මූතුර් අද්‍යාපන කන්තොරුව වෙත පැමිනිමු. අපහට සෙවය සැලසීමට තිබූ පාසැල කොටි පාලන ප්‍රදේශයක පැවති බැවින් එහි යාමට එම පැසලේ ගුරු බවතුන් දෙදෙනකුගේ පැමිනිම අත්‍යවශ්‍ය කාරනයක් බැවින් ටික වෙලාවක් අපහට එහි නැවතිමට සිදුවිය.

මඳ වෙලාවකින් ඔවුන්ගේ පැමිනිමත් සමග නැවත අපගේ ගමන ආරම්භවිය. මූතූර් හමුදා කඳවුර පසුකිරිමෙදී අපසමග පැමිනි අපගේ මුස්ලිම් සහුර්දයේකු අපට හමුදා මුරපොලේ රඳවා යැමට සීදුවූයේ,...පෙර දිනයේ දමිල කොටි සාමජිකයන් හා මුස්ලිම් වරුන් අතර ගැටුමක් පැනනැගි තිබුන බැවිනි. හමුදා කඳවුර පසුකර මිටර 500 පමන යුධ මුක්තකලාපය පසුකල අප කොටි අඩවියේ ඔවුන්ගේ කඳවුර වෙත සෙන්දුවිමු.
" ඔකේ මුස්ලිම් එවුන් ඉන්නවද....? "

ඒ ඔවුන්ගේ පලමු පැනයයි,.. අපසගයා හමුදා භාරයේ තබා පැමිනිම කෙතරම් සුබදායකදැයි පැවසිමට මිටවඩා කරුනු කිම.අප සමග පැමිනි ගුරුවරු දෙපලගේ කරුනු පැහැදිලි කිරිමෙන් පසු නැවත ඉදිරියට ඇදුනෙමු. මෙම අවස්ථාව අප හද ගැස්ම උච්චතම මට්ටමට පැමිනි මොහොතකී,......අප රැගත් රථය වටකොට එල් ට් ටී ඊ බට පීරිසක් යතුරු පැදිවලින් දෙපසින් ඉදිරිපසින් හා පසුපසින් අප සමගාමිව ගමන් කරනා ලදී.

මූතුර් විදුහල ඉදිරි පසදී කන්ඩායමෙන් පිරිසක් නැවතුන අතර අනෙක් පිරිස අප සමගින් විදුහල් භූමියට ඇතුලු විය. කෙසේ වුවත් විදුහලේ විදුහල්පති සිනාහවකින් අප පිලිගත් අතර අපසැම චකිතයකින් යුක්තව රථයෙන් බැසගතිමු. හාත් පස ගොඩනැගිලි සෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්වී ඇතිඅයුරු කඩතොලු මගින් හඳුනා ගත හැකිවිය. පාසලෙහි විදුලි සැපයුම අක්‍රියව පැවතින. කෙසේහො අප ආ කාරනය කඩිනමින් අවසන්කිරිමට උත්සහ ගතිමු. අප වැඩෙහි යෙදෙමින් සිටින අතර තුර එම ප්‍රදේශයේ කොටී නායිකාව යැයි හැඳින් වූ තරුණ ගැහැනියක් ආයුධ සන්නද්ධව අප වැඩෙහි යෙදෙන ආකාරය සිනාමුසු මුහුනින් බලාසිටියේය.

විටෙක මෙවැනි කාල වකවානුවක කොටි පාලනය අත්කරගත් ප්‍රදේශයකට රජය විසින් කුමට මෙවන් ව්‍යපෘතියක් ලාබදුන්නේදැයි අපට සිතුන වාර අනන්තය. ඒ කෙසේ උව විදුලිය නොමැති හෙයින් පරිඝනක ජාලය පනගැන්විය නොහැකි බව අප විසින් විදුහල්පති වරයාට දැනුම් දෙන ලදී. ඒ අවස්තාවේ කොටි සාමජිකයන් කුඩා විදුලිජනකයක් ගෙන එන ලදී. එවන් විදුලීජනකයකින් මෙම පද්දතිය ක්‍රියාත්මක නොකලහැකි බව අප පවසාසිටියද....ඔව්න් එය තෙරුම් නොගත් හෙයින් පද්දතිය පනගැනේවීමට උත්සහ ගැනිමෙදි එක් මොනිටරයක් පුපුරා ගියේය.

එතකින් එම ක්‍රියාව අවසන් වෙනලදී. ඒසමගම තවත් ප්‍රශ්ණයකට මුහුන දෙන්නට අපහට සිදුවිය,...එනම් විදුහල් පතිවරයා දහවල් කැම සඳහා අපට ආරාධනා කිරිමයි. අපට කොටින්ගේ කැම අවශ්‍යය නොමැතිබව අපගේ සිත් අපහට තරයේ පැවසුවද පැවති වාතාවරනය හමුවේ එයට මුහුන දීමට අපට සිදුවිය.

පාසැලේම එක් ගොඩනැගිල්ලක දිවා බොජනය සකසා තිබින. නමුත් අදාල ශාලාවට පිවිසි අපගේ මුහුනුවල තිබු විපිරියාසය හොදින් එදෙස බැලු කෙනෙකුට තෙරුම් නොයන්නෙනම් පුදුමයකි,..... මන්ද ශාලාවේ එක් පසෙක බිත්තියෙහි කොටිනායක ප්‍රබාකරන්ගේ පින්තුරයකි. අපොයි අපගේ දෛයිවයක මහත....අපවිසින් පිලිකෙවු කෙරු කොටි නායකයා ගේ මුහුන බලමින් ආහාර ගැනිමට අපට සිදුවිය.

හැකි ඉක්මනින් එතැනින් නැගිසිටි අප විදුහල්පතිවරයාට ස්තුති කොට එතැනින් සමුගතිමු. නමුත් කොටි පාලන ප්‍රදේශයෙන් පිටවනතෙක්ම කොටින් විසින් පෙරකී ලෙස අපව වටකොට පැමිනියේය. නැවත මූතූර් නගරය හරහා තොප්පූර් වෙත පැමින අපගේ අනෙක් සගයන් රථයට නන්වාගත් අප පුලුවත් තරම් ඉක්මනින් කන්තලේ වෙත පැමිනිමු. මෙතෙක් මහත් චකිතයකින් ගමන් ගත් අපහට මඳ අස්වැසිල්ලක් අත්වූයේ කන්තලේ නගරයට පැමිනිපසුය.

කෙසේහො රාත්‍රි 10 පමන වනවිට අනුරපුරයේ අපගේ නවාතැන්පලවෙත නැවත නිරුපද්‍රිතව පැමිනිමට අපහට හැකිවිය.

Wednesday, July 20, 2011

කොටි.. මැද මුහමලේ රැයක්....


ඒ 1994 රේ අගොස්තු මසට නුදුරු දිනයකි. මේවනවිට උතුරේ යුධ්ධය දේපිලේ සාකච්ජා මැද පවතින යුගයකි. අපහට පැවරිතිබුනේ උතුරේ තොරාගත් පාසැල් කිහිපයක තොරතුරු තාක්ෂණික ජාල පද්දතියක් සැකසිමටයි.

යාපනය හන්දියෙන් ඔමන්ත දෙසට හැරවු අප රැගත් රිය හැල්මේ ඉදිරියට ඇදේ. නමුත් එකකාරි වෙගයකින් රථ පෙලට ගමන් කලනොහැක මර්ගය බොහො සෙයින් කඩතොලු වී ඇත. වැන් රථ 4 කින් සහ බඩු පැටවු කන්ටෙනරයක්, මධ්‍යම ප්‍රමානයේ ලොරි රථ දෙකක් අප සතුවිය.

අනුරාදපුරයෙන් පසු හමුවන විශාල නගරය වන වවුනියා වෙත අප උදැසන 10.30 පමන වන්විට ලඟාවිමු. එහිදි දහවල සඳහා අවශ්‍ය ආහාර අප පාර්සල් කරගතිමු. යුධ්ධය වියැකි නොමැති හෙයින්දො නැවතත් ගමන් ආරම්භ කල අපගේ සිත් මඳ චකිතයකින් යුක්තය. අවට පරිසරය බොහො කර්කශ බවින් යුක්තය ජනයා අල්ප වශයේන් ගැවසුන අතර මහා පාලු මුසල බවක් හත්පස පැතිර පවති.

පෙරවරු 11.30 පමන වන විට අප ඔමන්ත අපගේ හමුදා කඳවුර වෙත පැමිනිමු.ඉතා සහයොගයෙන් අපසමග කටයුතුකල ඔවුන් සියලුම සොදිසි කිරිම් වලින් පසු අප පිටත්කර හැරියේය..., කොළඹින් මෙහි පැමිනෙන විට අවශය කරන සියලුම අවසර පත්‍ර අප රැගෙන විත් තිබු බැවින් කරදර කාරිබවින් මිදීන. ඔමන්ත හමුදා සීමාවෙන් පිටත් වූ අප මිටර 500 පමන පසුකර එවකට ඒල්ටිටීයේ ග්‍රහනයෙන් යුක්ත වූ කඳවුරු භූමියට පැමිනිමු.

මෙහි තත්වය අප හමුදා මුරපලට වඩා බොහො සෙයින් වෙනස්වුනි,.... හත්පස තන්හි තන්හි පොල් අතු සෙවිලිකල ගොඩනැගිලි සාදා ඇත. බඩු බාහිරාදියෙන් තොර මඟින් ගමන් ගත් රථ එක් තැනක ගාල් කලයුතු වූ අතර කන්ටෙනරය සහ අනෙක් ලොරි රථ ඔවුන් වෙන්කල ජැටියක් ලඟ නවතා සියලුම බඩු බාහිරාදිය නැවතත් රථ වලින් පිටතට ගෙන පරික්ශා කරන්නට යෙදුනි.

මේ අතර වාරයේ ඔවුන්ගේ සාමජිකයකු අප පිරිස තනිතනිව ගෙන සම්මුක පරික්ෂනයකට භාජනය කරන ලදී. එමෙන්ම එක් තැනෙක හැදුන්පතේ සිට වාහන චැසී අන්කය දක්වා තොරතුරු පිටපත් ලබාගන්නා ලදී. මෙ අයුරින් අධික සොදිසි කිරිමකට භාජනය කරනු ලැබු අප සැම සවස 3.30 පමන වනවිටදී නිදහස් කර හරින ලදී.අපට මෙන්ම මේ භූමිය හරහා යන සැම කෙනේකුටම මේ ඉරනමට ගොදුරු වීමට සිදුවිය.

එල්ටිටී ඔමන්ත භූමියෙ සිට යාපනය දක්වාවු මාර්ගය හොදින් සකසා ඇත.සවස 6.30 ට පෙර අප මුහමලේ කොටි අවසන් මුරපල පසුකල යුතුය නැතහොත් අපගේ හමුදා මුරපලින් අප යාපනය දෙසට බාර නොගනි. වෙලාව බොහොසෙයින් ගෙවී ගොසින්ය...ඔමන්ත කොටි පොලේ සිදු වූයේ මහා රස්තියාදුවකි....

දෙපස වරෙක ලඳු කැලැ ද විටෙක තරමක වනගහනයෙන් යුක්තය, යාපනය දක්වා දිවෙන මග හියක්සේ ඇතට ඇදිගොස් මිරිඟුව සමග බොඳව යයි..ඇතැම් විට රථයක් අප පසුකර ඔමන්ත දෙසට දිවෙයි..එසේ යන ඇතැම් ඒවායේ වා කවුලු ඝන කලු පාටින් ආවරනය කොට ඇත ඒ එල්ටිටී වාහන විය යුතුය. අප පිරිස හැරුනුකල හත්පස මිනිස් පුලුටක් නැත්තේමය, මේ වනවිට අප රැගත් වාහන තරමක වේගයක් ගෙන තිබේ...

රැගෙනවිත් විත් තිබු කැම පාර්සල් පමාවිම හෙතුවෙන් නරක් වී තිබින, එබැවින් දහවල් ආහරය බිස්කට්වලට සීමාවිය.දැන් දැන් කුසගින්න නොසන්සුන් බව අප වෙලාපැතිරි පවති. සවස 5.30 පමන වනවිට කොටින්ගේ හදවත බඳු වූ කිලිනොච්චි වෙත පැමිනිමට හැකිවිය. එම නගරය පසුකිරිම දී අපගේ වේගය සැලකියයුතු ලෙස බාලවිය, මන්ද යත් නගර හරහා ගමන්කිරිමෙදී උපරිම වෙගය පැ.සැ 20 පමන විමය.

නගරය තරමක් කලබල කාරි බවින් යුක්ත වූ අතර තැන් තැන් වල විශාල ගොඩනැගිලි ස්මාරක දැකිය හැක.කොටි පොලොසිය මාර්ගය පුරා රැදිසිට වාහන මෙහෙයවයි. සවස 6 පමන වූ කල අප අලි මන්කඩ පසුකලේමු... ඒ මග පසුකිරිම තරමක් ශොකය දනවන කාරියකින් යුක්තය පෙර අප හමුදාවට අයත් බල කඳවුරක් වු එතැන මෙකල අප හමුදාවේ නටබුන් වූ යුධ ටැංකි ශොබර ස්මාරක සේ තන්හි තන්හි රැදි ඇති ස්ථානයක් බවට පත්ව ඇත.

දැන්නම් මුහමලේන් රින්ගා යැමට බැරිබව සක්සුදක් සේ පැහැදිලිය. ඉදිරියෙන් පැමිනෙන සාමන්‍ය වාහන ප්‍රධාන එලි දල්වමින් අපට සන්ඤා කරයි.නමුත් දෛයිවය එසේ විසඳි ඇත සවස 6.30 ට අප මුහමලේ ට පැමිනියද, කොටින් අප එ තැනින් මුදා හැරිමට කැමති වුවද අප හමුදාව අකමැත්ත පල කරනලදී., මන්ද යත් අඳුරට මුවාවි අප සමග කොටි බිල්ලක් හමුදාව වෙත එවිය හැකි බැවින.
අද දින අප මුහමලේ පොල් අතු පැල්කොට අතර ගතකල යුතුය, ජන්ගම දුරකතන සංඥා පද්දතීන් ද ක්‍රියා විරහිතවී ඇත. වැල්ලෙන් ඝහන වු ඒ බිමෙහි රථ ගාල්කරවු අප සැම කොටි බිමේ ඇති කුඩා ලිඳකින් අතපය සොදා ගතිමු.පොල් අතු පැල්කොට අතර සදා තිබු කුඩා කඩයෙහි කැමට තිබුනේ රොටි සහ බිස්කට් පමනි. නමුත් නොයෙක් මාදිලියේ පැනි බිම වර්ග බොහො විය. රොටි සමග තිබු කට්ට සම්බොලයකින් කුසගින්න නිවාගැනිමට අපට සිදුවිය. පොල් අතු මඩු බිමෙහි සිමෙන්තියෙන් සකසා තිබුනද වැලිපොලොංගුන්ගෙන් ආරක්ෂා වියයුතු බැවින් එහි නිදාගත නොහැක. රාත්‍රි අඳුර මොරා එන්නට වූ කල අපෙන් කිහිප දෙනෙකු වැන් රථ තුලද සමහරෙක් ලොරි රථ දෙකද තම සයනය කරගත්තොය.

විටින් විට එල්ටිටීයට අයත් වාහන ගමන් කරන හඬ අඳුර පීරාගෙන දෙසවන වැකිනි. නින්දත් නොනින්දත් අතර සිටි ඒ රාත්‍රියේ කිහිප වතාවක් විදුලි පන්දම් එලි ඒමේ අත ගලාගියේය.අසහනකාරිවූ ..කාලය පහව යමින් ටිකෙන් ටික එලිය වැටෙන්නට විය. උදැසන 7.00 පසු අප හමුදා එකකය ඔමන්තේ සිට එන්නන් යාපන සීමාවට ඇතුල් කරනා බැවින් ඉක්මනින් සුදානම් වී මුහමලේ කොටි කඳවුර පසුකලේමු.

Monday, July 18, 2011

කොච්චියෙන්..වාලච්චෙනේට..කඳවුරු ක්‍රිඩා...4..ර..(අවසන් කොටස...)


උදැසන සිට වසින වැස්ස තවමත් නොනවත්වා ඇදහැලේ.....නැවතුම් පල වෙත ආපසු එනගමනේ දී ගෙන එන ලද ඉස්සො, කුකුල් මස්, මාලු යනාදී කලමනා රාත්‍රි ආහාරය සඳහා පිසගතිමු... ඇත්තෙන්ම මේ ප්‍රදෙශයේ ඉස්සන් ඉතා රසවත්ය.

රසවත් රාත්‍රි ආහාර යකින්ද....සැහැල්ලු මානසිකත්වයකින් යුක්ත වූ අප කරා නින්ද ඉක්මනින් පැමිනියේය. පෙර දින තිබු මදුරු කරදරය මෙදින නැතුවා සෙය....දීර්ඝ නින්දකින් පසු උදැසනම අවදී වු අපසැම,දමිල සහුර්දයන්ගෙන් සමුගෙන ඉක්මනින්ම පිටත් විමු....

දුම් රිය පල කරා අප පයින් ගමන් ගතිමු..යන අතර මගදී මඟ වූ කඩයකින් තොසේ,පරාටා යනදිය උදැසන හාහරය සඳහා කැමට ගතිමු. ඇත්තෙන්ම අගනුවර කඩ කැමට වඩා මෙම ආහාර රසවත්ය.වලච්චෙන දුම් රිය පලට පැමිනි අප උදැසන 9.00 ට පමන කොළඹ බලා දිවෙන දුම් රියෙහි නැගගතිමු.
රාත්‍රියේ මෙන් නොව දහවලේ ගමන් කරන බැවින් අවට රුසිරි මනාව දර්ශනය වේ, පූනැව දුම් රිය පල සමිපයට පැමිනෙන තෙක් මග දෙපස බොහො තැන් හී විශාල වෙල්යාය වල් දක්නට ලැබින.
අප නැගි දුම් රිය පෙට්ට්යේ වෙනත් මගින් නොමැති වු හෙයින් නිදහස
බොහොවිය.....ඇතැම්විට අප පිරිස ගීත ගායනාකරමින් ගමන් ගතිමු. පූනැව ප්‍රදෙශය පසුකරත්ම දුම් රිය වනගොමු අතරින් ගමන් ගත්තේය. නැවතත් පොලොන්නරුව නගරය කලබල කාරි බවින් යුක්ත වුවද...ඉන් පසු කුරුනැගල දක්වාවු ගමන් මග වන අසිරියෙන් පරිපුර්න වූ වක් විය.

ගමන් ගත් පලමු දිනයේ මෙන්.....රාත්‍රිය....කොලොම් තොට සිපගනිද්දී අප රැගත් දුම් රිය අගනුවරට ලඟාවිය...තවත් සුන්දර චාරිකාවකින් සන්තුපත වු අප සැම තාවකලිකව එකිනේකාගෙන් සමුගතිමු...............

Wednesday, July 13, 2011

කොච්චියෙන්..වාලච්චෙනෙට..කඳවුරු ක්‍රිඩා..3..න.


පුරා...පැය දහයකට ආසන්න කාලයක් දුම් රියෙහි ගමනේ යෙදුන අප මෙවන විට වෙහෙසට පත්ව සිටිමු....
අප මෙහි පමිනෙන විට අපගේ පැමිණීම අපෙක්ෂාවෙන් සිටි දමිල යහලුවන් දුම් රිය වෙදිකාවේ දී අපට මුනගැසුනි.

ත්‍රීරොද රථ කිහිපයක නැගුන අප ඔවුන්ගේ ආයතනය පිහිටි ස්ථානයට ගියෙමු. විවෙක ගැනිමට ඇත්තේ තව පැය 2 පමන සුළු කාලයකී.. මන්ද උදැසන 7 පමන වනවිට අප පිරිසෙන් කිහිප දෙනෙකු කඳවුරු භුමිය සකසා ගැනිම සඳහා එහි යායුතුය.

තවමත් මඳ වරුසාවක් පතිත වේ... පැමිනි ස්ථානයේ පිහිටි ශාලාවක පැදුරු කිහිපයක් එලාගත් අප සැම මඳක් ඇලවුනෙමු. මෙවැනි ප්‍රදේශයන්හි පහසුකම් පිළිබඳ මහා බලාපොරොත්තු තබගත නොහැක. එසෙම මදුරුවන්ගේ ද අඩුවක් නොමැත.

වටින්ගොඩින් එලිය වැටිගෙන එන යාමයේ අප තේ කහට කොප්පයකින් සප්පායම් විමු.මුලින් වැඩ බෙදාගත් පරිදි....කාගෙත් සහය ඇතිව මුල් කන්ඩායම අවශ්‍ය කරන ආම්පන්න සුදානම් කර ගන්නා ලදී......අපගේ කඳවුරු භුමිය පිහිටා තිබුනේ "පාසිකුඩා ප්‍රසිද්ධ වෙරලට යාබදවය..."

උදැසන 7.30 ට පමන අපගේ එක් කන්ඩායමක් අදාල ස්ථානය කරා පිටත්ව ගියෙය. මන්ද අපගේ ගමන් රථය වුයේ කුඩා ලොරියකි " ඩිමො බට්ටෙක්" අවශ්‍ය කරන ආම්පන්න සමග සැමටම එහි එකවර යානොහැක.
හිරු රැස් බිමට පතිත නොවෙන තරම්ය..අහස වලාකුලින් බරය....මුහුදු රල උස්ව නැගෙමින් පවති... මේනම් කඳවුරු අත්දැකිමකට එතරම් සුවබර දවසක් නොවෙ. නමුත් ආපසු හැරෙනු නොහැක, සැතපුම් සිය ගනනක් මඟ ගෙවා මෙහි පැමිනියේ......ආ කාරිය අතැරදන්නට නොවේ.


කෙටි අදහස් හුවමාරුවකින් පසු වෙරළ බඩ පරිසරය අපට අවශ්‍ය පරිදි සකසා ගතිමු..අප රැගෙනවිත් තිබු කුඩාරම් අතුරින් තරමක් විශාල කුඩාරම් දෙකක් ඉක්මනින් සකසාගත්තෙමු..මන්ද අහස කොයිවෙලේ අඬා වැටේදොයි සැකසිතුන බැවිනි,..

එසේම ලනු යොදා පොල්ගස්වල අධාරයේන් යම් යම් ක්‍රියාකාරකම් වල යේදිමට අවශ්‍ය වු සැකිලි සාදාගතිමු.... " වඳුරු පාලම..." මෙ අතර උදේ ආහාරය සමගින් අපගේ අනේක් පිරිස ද අප හා සම්බන්ද විය.මඳ විවෙකයකින් පසු මුහුදේ දිය කෙලි සඳහා පහුරක් තැනිමට අවශ්‍ය වු ලී දඬු ලොරියේ අධාරයෙන් ගෙන්වා ගන්නා ලදී. උදැසන 9.00 පමණ වනවිටදී ප්‍රද්ශයේ ලමුන් ද සමගින් අපහට මේ කටයුත්තට අරාධනා කරනු ලැබු පිරිස කඳවුරු භූමියට සැපත් විය.

කෙටි හඳුන්වා දීමේ වැඩසටහනකින් පසු අපගේ ක්‍රියා කාරකම් අරඹන ලදී. යුද්ධයේ යම්කිසි බලපැමක් හෙයින් දො ලමුන්ගේ සබකොලත්වය බොහො වැඩිය. අපගේ අත්දැකිම් වලට අනුව බස්නාහිර පලාතට වඩා රටේ අනිකුත් පලත්වල මෙම ලක්ෂණය බොහොසෙයින් කැපි පෙනුනි. විශේෂත් වය වූයේ ගැහනු ලමුන්ගේ ක්‍රියාකරකම් පිරිමි ලමුන් මුලික කොට පැවතිමයි. එනම් හැමවිටම ඔවුන් පිරිමි ලමුන්ට මුල් තැන දී කටයුතු කිරිමයී..


නමුත් අප සමග ගිය අපගේ සහොදරියන් විසින් ඔවුන් හා සමග ක්‍රියා කාරකම් වල යෙදී යමිකිසි පුහුනුවක් ඔවුන්ට ලබාදෙන ලදී....ඇත්තෙන්ම මෙවැනි කඳවුරු ක්‍රියා කරකම් මගින් පොදුවේ පැමිනෙන සියලුම ලමුන් කෙරෙහි අවදානය යොමුවෙන අතර අවසානයේ යම් විනයකින් හෙබි ඔවුන් තුලින් ඔවුන්ගේ සැඟවී ඇති කුසලතා වර්ධනය කරගැනිමට ද ක්‍රිඩා තුලින් යම් සතුටක් ලාබාදීමට ද අප හැමවිටම උත්සාහ ගතිමු.
නමුත් කුමන අයුරකින් හො ඔවුන්ටම විශේෂිත වූ ඔවුන් ගේ ජන ජීවිතයට බාධා වන ආකාරයේ කිසිඳු බලපැමක් නොකිරිමට වග බලාගතිමු.


දවස මුලුල්ලේම විටින් විට අහස හඬා වැටිනි නමුත් එයින් අදෛර්ය වූයේ අප නොවේ.සවස 4.00 පමන වන විටදී ක්‍රියා කරකම් අවසන් විය. ගතින් මහත් වෙහෙසට පත්ව සිටියද වැඩසටහන බොහො සාර්ථක බැවින් සම්තුප්තියෙන් යුක්තව රාත්‍රිය ගත කිරිමට පෙරදින අප සිටි ස්ථානය වෙත ගමන් ගතිමු.

Friday, July 8, 2011

කොච්චියෙන්...වලච්චෙනෙට...කඳවුරු ක්‍රිඩා.....2..ක.


"ත්‍රිකුනාමලේ යන අය පිටිපස්සේ පෙට්ටි වලට නගින්න...."

මහවෙන් පිටත් වූ තැන්පටන් සන්සුන්ව පැමිනි දුම් රිය තුල මහා ගාලගොට්ටියකි.....ඒ ගල් ඔය දුම් රිය මන්සන්දියයි..... මෙතෙක් එකම දුම් රියක එක් මගක ගමන් ගත් ජනකොට්ඨාශයක් දෙකට බෙදෙන අවස්තාවකි මේ....මන්ද මඩකලපු දුම් රිය ගල් ඔයෙදී එක් කොටසක් ත්‍රිකුනාමලයට ද අනෙක් කොටස මඩකලපුව බලා ගමන්ගන්නා බැවිනි.

දුම් රිය ජෙලර් වරයකු මෙහිදි මහා හඩින් කැගසමින් ...මිනිසුන් දැනුවත් කරයි....අඩ නින්දේ පැමිනිනේන බොහො මඟින් අන්දුන් කුන්දුන්වී තමන් යායුතු මග පසක් කරගැනිමට වෙහෙසෙයි. පැය කාලක පමන කාලයක් නවතාතිබු දුම් රිය නැවතත් මඩකලපුව බලා ඉදිරියට ඇදින.....


රාත්‍රිය තරුණය....දුමිරියේ මලානික අලොකයෙන් අවට පරිසරය හඳුනා ගැනිම දුෂ්කරය...කවුලුවෙන් පිටත පරිසරය ග්‍රහනය කිරිමට තාතණන දැස් දැන් දැන් පොපියයි...මහා වන අරනක් මැදින් දුම් රිය දිවෙන බවට දුම් රිය වට ලන්නට මෙන් නැගිසිටින මහා අදුරු සෙවනැලි පසක් කරයි.

වනයේ සතුන් ඝහන ප්‍රදේශයක් බැවින් හො සංඥා එලි වල දොෂයක් බැවින් දො වරෙක දුම් රිය ඉතා සෙමින් දාවනයේ යෙදින.රැ මැදියම පසුවී හොරාවකට පමන පසු අප රැගත් දුම් රිය පොලොන්නරුව වෙත සැපත්විය.

දිවාකල මෙන් මහාකලබලයක් නොතිබුනද දුම් රිය පල හා වෙදිකාව මත මඟින් කිහිප දෙනකු ඒමේ අත ඇවිදිනු දක්නට ලැබින...නැවත දුම් රිය සෙමෙන් තම ගමන අරඹා ඉදිරියට යනවිට හුලු එලි කිහිපයක් මග දෙපස ගමන් කරනු පෙනේ...ඒ හොල්මන් නොව..දුම් රියෙන් බැසගිය මඟින් බව සක්සුදක් සේ පැහැදිලිය.

ප්‍රසිද්ද මනම්පිටිය පාලම පසුකල දුම් රිය තැනිතලා බිමෙහි වෙගයෙන් ඉදිරියට ඇදෙයි.......මහවැලි නදිය තරනය කර සැතපුම් කිහිපයක් ගමන් කල අපහට අප යන දිශාවෙහි අහස රත්පැහැයෙන් ආලොකමත් වි දර්ශනය වන්නට විය. වැසි මඳ කලක් බැවින් වලාකුලෙන් තොර අහස තරු රටා වලින් සන්නද්ධව පවති. නමුත් මේ රත්පැහැය අපහට අමුත්තකි. මන්ද අරුනළු වැටෙන්නට තව බොහො වෙලා ඇතිබැවිනි.

ඉක්මනින්ම අපගේ කුහුල සන්සිඳුවිමට දුම් රිය සමත් විය ...ඒ පූනැව නාවික කඳවුරින් නැගෙන ආලොකයයි...පූනැව දුම් රිය පල පෙනෙනෙ මානයට සේන්දුවෙත්ම...බොහො ඇතින් කඳවුර දර්ශනය වෙයි...කඳෑවුරේ ආලොක කදම්භ දසත විහිදේ...ඒ මගින් අහස රත්පෑ ගැන්වි ඇත....

පූනැව පසුකර පැමිනි අප වාලච්චෙනේට බොහො ලංවනවිට ......මඳ වැස්සක් කඩාහැලෙන්නට විය.... වාලච්චෙනේ දුම් රිය පලින් අප බැසගත් කල පාන්දර 4.30 කනිසම දුම් රිය පලෙහි සටහන් වි තිබින...