Thursday, November 12, 2015
අම්මෝ ...
දූවිලි කුනු හරි හරියට
බැඳිලා හෆ්ෆා හතර අතට
ඒදා ලිව්ව අදත් ලියන ඊයේ ඉඳන් කොට කොට යන
බ්ලොග් බ්ලොගීලා ඉතින් ඉතින්
පට්ට පරණ බ්ලොග් මාගල
බ්ලොග් ලෝකය දැන් කොහෝමද
ඔරලොසුවේ කටු කැරකිලා ගෙවිලා ගෙවිලා කල් ගතවුන
කප්පර කාලේකට පස්සේ
එබිලා යන්න
ආව ඔන්න
!!!
Saturday, February 21, 2015
සිතිවිලි.............
ජීවිතේ
මහ
පුදුම
හතරබීරි
කතාවක්
කියලා
වෙලාවකට
හිතෙන
කොට
තව
කොතන
හරි
තැනක
එක
සුන්දර
කතන්දරයක්
කියලා
කෙනෙක්
කියන කොට
අපි
අපේම
හැඟීම්
වල
තුරුලුවෙලා
හිත
පහුරුගානවා
කියලා
කියන
එක
අරුමයක්
නෙමෙයි..!
Monday, February 16, 2015
තුවාල කබල
ආයේත් සැරයක්
තවත් හන්දියක
සියල්ල නැවතුන
එක් නිමේෂයක්
ආපහු සිතන්න
අලුත් පාරකද
පරණ පාරේමද
ඒහේමත්
නැත්නම්
වෙනස් අයුරකට
ජීවිත සටනේ
පෙරටම යන්නට
සිතිවිලි
පොරකන
හොරා කිහිපය
ගතවීයන්නේ
තුච්චම තාලේට
ඒකත් හරියට
හොඳවෙන තුවාලේ
වටේ කහනකොට
කබල කොනහින්ට
හිතෙනව වාගේ..!!
Tuesday, January 27, 2015
අතැර ගිය වසන්තය
කාලය ගතවෙලා
මකුළු දැල්
ලියලලා
මුලු හතර කොන්
අතර
දුලී කුනු
විසිරිලා
ලියූ වැකි
වියලිලා
වසන්තය පියඹලා
සිතුවිලිත්
අතැඟිලිත්
කොන් දෙකක
තනිවෙලා
අතීතය කියවලා
සිතුවිලිහි
කිමිදිලා
නැවුම් සුවඳත්
ඇරන්
සිසිර සර
හැරගිහින්
සිසිල්වී ගල්
ගැහුන
හදවතේ සුසුම්
කැටි
නුඹේ උනුහුම
එක්ක
ටිකෙන් ටික
දියවෙමින්
අතැර ගිය
වසන්තය
යලි
පැමිනෙමින් බැව්
හදවතට පැවසුවා..!!
Monday, October 27, 2014
සොඳුරු හුදෙකලාව...!!
හුදෙකලා වූ මොහොතක
දුටුව සොඳුරු නෙත් සඟලක
පිපිරුණු සිනහ කැන් දැක
අමතක වීය හුදෙකලා සිත
පුබුදුවා සිත් සොඳුරු දැහැනක
කාලය ගතවීය නොදැනිම
කිමැයි වියොවේ අරුමය
පසක් කරමින් රැවිදීය සිත තුල
අනෙකුගේ ඇනුම් බහකට
අඳුරුවිය ඒ නේතු යුග
අහෝ සොඳුරු හුදෙකලා බව
ආයේමත් මා වෙලාගනු මැන
Wednesday, September 24, 2014
ජූඩ් ගේ ලට පට....!!
අපේ මාමගේ හොඳම යාලුව ජූඩ්, කියලයි පුංචි නම් කියන්නේ. “ ඇත්තටම ජූඩ් හිත හොඳ එකා… “ මාමත් කියනවා මට මතකයි. ඔය කොයිහැටි වෙතත්
ජූඩ් කියන්නේ මතකය සුළු මොහොතකින් අමතකවෙලා යන ජාතියේ පුද්ගලයෙක්.
එක දවසක් ජුඩ්
මාමලගේ ගෙදර ආපු වෙලාවක, තමන්ගේ ගෙදර
යතුරයි අයිඩින්ටි කාඩ් එකකයි ලඟ තිබ්බ මේසයක් උඩින් තියල සතුටු සාමිචියේ යෙදිලා
සවස් වරුවේ ආපහු
යන්න ගිහින්. මනුස්සයට ගෙදර
ගියහම තමයි
දෙලෝ රත්වෙලා තියෙන්නේ දොරේ යතුර නෑ කියල. ඉතින් ඒදා රාත්‍රිය
ගෙදර ෆොටිකොවේ
ජූඩ්ට ගතකරන්න සිද්ද උනත්, පසුදා පහන් උනහම
ගෙදර අයිතිකාරයට කියල දොර ඇරවගෙන, මොකද ජුඩ් උන්නැහේ කුලී ගෙදරක තමයි වාසය කරන්නේ
ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ අමතක වෙයි කියන බයට හැඳුනුම් පත උඩින් තියපු යතුර
පැත්තකින් තියලා හැඳුනුම් පත විතරක් අරගෙන ගෙදර ගියපු එකයි.
තවත් දිනයක
ජූඩ් දුර ගමනක් යන්න බස් එකක නැගුනා හැබැයි කුඩයකුත් අරගෙන. ඔහොම ටික දුරක් ගිය
බස් එක මඳ විරාමයකට තේ කඩයක් ලඟ නැවතුනා. එලිපහලියට යන්න කියලා ජූඩ් බස් එකෙන්
බැස්සා. ඔන්න
මිනිත්තු කිහිපයකින් වහින්න පටන් ගත්තා කලබල උන ජූඩ් බස් කවුළුවකින් තමන් හිටපු
සීට් එකගාව මගියෙකුට කතාකරලා තමන්ගේ කුඩේ එතන ඇති බැවින් එක දෙන්න කියල ඉල්ලා
සිටියා. ජූඩ් දිහා
බලාගෙන හිනාවෙන ගමන් මගියා අහනවා “ එතකොට මහත්තයා
ඔය ඉහලගෙන ඉන්නේ ඒ කුඩේ නෙවෙයිද කියලා”
ඔන්න ජූඩ්ගේ මතකේ තරම.
සාමාන්‍යයෙන්
ජූඩ් මාමලගේ ගෙදර ආවහම පුරුද්දක් විදිහට තමන් ඇඳගෙන ආව ඇඳුම් ටික සොදලා දානවා,
එහේම ආව දවසක මාමලත්
එක්ක සල්ලාපයේ යෙදිලා උන්න ජූඩ් කලබලේන් නැගිට්ටේ වැස්සක් අතලඟ බැවින් වේලෙන්න
දාපු රෙදිටික ගෙට ගන්න හිතාන. එලියට දුවපු ජූඩ් කලබලෙන් ආපහු බාත් රූම් එකට
දිව්වා හොදලා දාපු රෙදිටික ඒ වෙනකොටත් බාත් රූම් එකේ.
කොහේ හරි
ගමනක් යන්න ලැහැස්ති උනොත් ඉස්සෙල්ලාම ලැහැස්ති වෙන්නේ ජූඩ් අංකල්. හැබැයි ඒකටත් ටික
වෙලාවක් ගතවෙනවා. මුලින්ම බාත්
රූම් එකට ගිහින් ආපහු එනවා, ඒ බුරුසුව
අරගෙන යන්න ටිකකින් ආයිත් එනවා රේසර් එක අරගෙන යන්න ඔන්න ඔහොම දෙපාරක් තුම්පාරක්
ආවට පස්සේ තමයි එයාගේ ලකලැහැස්තිය ඉවර වෙන්නේ.
තවත් දවසක
ජූඩ් නාලා තුවායකින් විලි වහගෙන ගෙදර ෆොටිකොවේන් ඇතුළුවෙන කොට පාරේ කාන්තාවක්
දැකලා බාගෙට විලිවහගෙන ඉන්නේ කියලා ගෙයි කාමරෙට දුවලා. ටිකකින් හිනාවෙවි
එලියට ඇවිදින් අර කාන්තාව උඩබිම බලනකොට ජුඩ් කලබලබලවෙලා බලන කොට ඇතුලට ගිය ජූඩ්
එලියට ඇවිත්තියෙන්නේ නිරුවතින් නෙව.
Tuesday, August 12, 2014
බහුබූත………
අම්මපල්ලා
ඇත්තට
එකා හිටියනම්
හිතයට
පොරබදා
අල්ලාගන
දුක්විද විද
ඉන්නට
එතරම් සැපක්
කොහිද
හිතකට
ඇසිපිය ගැසෙන
ඇසිල්ලෙක
එකා පැනගොස්ය
හනිකට
ඉතින්
විදවන්නේ කෙලෙසට
සැපය ඉවරයි
හෙට අනිද්දට
යලිත් විඳ විඳ
ඉන්නට
නොහැකි ලෙස
ගැලවුනුකොට
අම්මාපල්ලා ඇත්තට
තියෙන තරහක්
හිතේ ගැට්ටෙක……
Subscribe to:
Posts (Atom)


.jpg)



.jpg)