මං එතකොට 3 නේ
කැලැසියේ....අපේ ගමේ ඉස්කොලේට තමා අකුරුකොරන්ට ගියේ... මගේ තාත්තත්
ගියා ඔය ඉස්කොලෙටම...හැබැ උගන්නන්ට...වැඩේ කියන්නේ එතුමා..ඉස්කොලේ උප ගුරුතුමා..
ඔය ඉස්කොලේ එකපැත්තකින් ලොකු පොල්වත්තක්
තියෙනව....අපේ පංතිකාමර තිබ්බේ ඉස්කොලේ ඉස්සරහ මායිමට වෙන්ට...ඔය මායිමයි අර
පොල්වත්තයි අතරින් තමා ඒ වත්තට යන පාර
තිබ්බේ...ඔය පාරදිගේ ගියහම හාමු මහත්තයගේ ලොකු වලවුව දැක ගතැකී...
ඉස්කොලේ පිට්ටනිය තියෙන්නේ ලොකු අයියලගේ
පංතිකාමර ඉස්සරහ...හැබැ එතෙන්ට යන්න ඔන ලොකු ගුරුතුමාගේ ඔෆිසීය
පහුකොරාගෙන....පිට්ටනියේ ඇත කෙරවල මායිං වෙන්නේ ලොකු රබර් වත්තකට..ඔක තමා
ඉස්කොලේත් ඒ පැත්තේ මායිම වෙන්නේ...
පිට්ටනියේ කෙරවලේ ඉඳන් බලන කොට මේ රබර් වත්තේ
ටික දුරක් හොඳ හැටි පෙනව..ඉටපස්සේ කටු අකුල් තමා පෙන්ට තියෙන්නේ...හැබැ ඔය
අකුල්වලට උඩින් අර හාමු මහත්තයගේ තඩි ගේ නං යස අපූරුවට පෙන්ට තියෙනව....
ඔං ඔය වලව්වෙ රබර්වත්ත පැත්තට වෙන්ට මුවෙක්
කොටුකරල තියන ආරන්චිය අපට ආවේ ලොකු අයියලගේ පංති දිහාවෙන්...ඒ කාලේ අපී තරං කුනුකන්දල් හොයන අය තවත් හිටියැ...
ඔය කතාව කනවැටුන වෙලේ හිටං ඔකා බලනකං ඉවසුමක්
නෑ...ඔය වැඩේට යාලුවො දෙතුන් දෙනේක්ම එක්කාසු උනා...අපේ වෙලාවට පිට්ටනියේ
එක්පැත්තකින් අර රබර්වත්තට කිට්ටුවෙන් තමා වැසිකිලි පේලිය තිබුනේ..ඔං අපේ ප්ලැන්
එක ඔය වැසිකිලිය පැත්තේන් රබර්වත්තට ඇතුල්වෙන එක...
මොකැ අපි වැසිකිලි ගියා කියල කවුරුවත් සැක කොරන
එකක් නැ කියල තමා අපේ පුංචි මොලගෙඩි ටිකට ඒ වෙලාවෙ හිතුනේ....
දවසක් අපේ ගුරුතුමී පාසැල් ආවෙනැ....ලොකු
පංතිවල වගේ මේ පුංචී පන්තිවලට වෙනම පීරීයඩ් නෑ නොවැ ඔය අපේ ගුරූතුමීම තමා ඉස්කොලේ
ඇරෙනකම්ම අපට ඉගැන්නුවේ...
දැන් ඉතින් අපට රජ මගුල් ඇයි දවසම
නිකන්නොවැ...උදේම අපේ මුල්ගුරුතුමා ආව. ඇවිදින් චිත්‍රයක් අඳින්ටය දඟලන්නැතුව
ඉන්ටය කියලා ආපහු ගියා....
අපේ ප්ලැන උනේ දවල් වීවෙකයෙන් පස්සේ අර මුවා
බලන්ඩ යන්ට 3 වසරේ අපට දහවල් විවෙකය තිබුනේ උදේ 10 ට විතර..ඒ කාලේ ලොකු
අයියලට විවෙකය දීලා තිබුනේ ඉතින් 11.30
විතර නොවැ...
කොහොම
හරී විවෙකෙන් පස්සේ
ඉස්සෙල්ල කිවුව..වැසිකිලි ටිකට මුවාවෙලා කම්බි වැට අස්සෙන් රිංගල රබර්වත්තට පැනගත්තා...මොනාකලත්
බෙල්ලට පහලින් ඩොං ඩොං ගාලා එන සද්දේ එලියට නැතත් හිතට නං දැනුනා...මොකැ පුංචි
උනාට හොර වැඩක්නොවැ කොරන්නේ...
තිබ්බ කුහුලටම බය යටපත්වෙලා මුවා බලන්ටමයි
හිත...රබර් වත්තේ අර කටු පඳුරු හරියත් පහු කරගේන යාලුවො කට්ටිය ඉස්සරහටම ගියා...
කතාව ඇත්ත කම්බි දැල්වලින් වටකරපු ටිකක්
ලොකු කොටුවක මුවො දෙන්නේක් මොනාදො කකා
හිටියා..හැබැ තිබ්බ බයටද කොහේද ඉක්මනටම ආපු හැරුන යාලුවොටික ආපහු අර වැසිකිලි
තිබ්බ තැනට දුවල ආව...
පොට වැරදුනේ ඊටපසේ තමා ඔං...එකා එකා ආපහු පංති
කාමරේට එනකොට අපේ උප ගුරුතුමා ඒ කිව්වේ මගේ තාත්ත පංතිය ඇතුලේ...කට්ටියවම පොලීමට
ලොකු ගුරුතුමා ගාවට යැවුවේ නැතැ...
ලොකු ගුරුතුමා ඉස්සෙල්ලම ඇහුව කට්ටියගෙන්ම
කොහේද ගියේකියලා....ලොකු වේවැලත් අරගෙනම ...ගහන්ට ඔනීයැ තියෙන බයටම ඔක්කොම
එලිකොරපි...කස්ටියම...
හැබැ ගැහුවෙනං නැ...අපේ පුංචි පංතී ඇරෙන කම්ම දනගස්සොලා
තිබ්බා...
හැබැ හතර විලිලැජ්ජවේ මොනාද ගියේ ඉට පස්සේ ඇයි
වදේ..අරුන්ටික පංති ඇරිලා ගෙවල්වලට ගියාට මං තුමා ඉන්ට එපැ ඉස්කොලේට වෙලා 1.30
වෙනකං...තාත්තා ගෙදර යන්නේ ඒ වෙලාවටනේ... අපෝ අනිත් ගුරුවරු දකින දකින සැරෙට අහනව මොකැ
තාත්තද දනගස්ස්වල තිබ්බේ කියලා...අපොයි උන වැඩක්...









