Wednesday, June 8, 2011
සමනල කන්දට කැලේ මැදින්.......(5.හ )
Friday, June 3, 2011
සමනල කන්දට කැලේ මැදින්......( 4..ර.)
Thursday, June 2, 2011
සමනල කන්දට කැලේ මැදින්.........3.

රැ මැදියම වෙනකොට වත්තේ බංගලාව පාමුලට අපිව රැගත් බස් රථය පැමිනිලා තිබුනා....මාර්ගයේ පැවති පටු බව සහ වංගු සහිත වීම නිසා බසය බංගලාව පිහිටි භුමියට ගැනීම තරමක් අපහසු උනා...
කිහිපවරක් බසය ඉදිරියට සහ පසුපසට ගැනිමෙන් පසු රියදුරු මහතා බසය අපට අවශ්‍යය ස්ථානයට ගෙනෙනු ලැබුව.... අවට පරිසරය සඳරැස් වලින් නැහැවිලා......අවට තේවතු සිසාරා පැතිරිලා තිබුන සඳෙහි ආලොකය ඒ රාත්රිරය වර්නවත් කලා....
සපුගස්තැන්න වත්තේ පාලනය බලා ගන්ඩ පැවරිලා තිබුනේ අපේ කන්ඩායම් සගයෙකුගෙ ඥති පුත්ර යෙකුට.... ඔහු අපව සාදරයෙන් පිළිගනු ලැබුව....... අපේ කාලසටහනට අනුව උදැහැනැක්කෙම..... පිටත්වෙන්ඩ තිබුන නිසා කන්ඩායමට නිදාගන්ඩ තිබුනෙ සුලු කාලයක්....
ගමනෙ බර පොඩියකට පැත්තකින් තියලා කට්ටියම පුලුවන් පුලුවන් තැන්වල ඇලවුනා......නමුත්, ගතින් නිදාගත්තද........ සිතින් සැවොම අවදියෙන්.. ඒ බව..ඔවුන්ගේ..නිදාසිටි ඉරියවු වලින් දක්නට ලැබුනා....
Wednesday, June 1, 2011
සමනල කන්දට කැලේමැදින්.........( 2ක. )

සමනල කන්දට කැලේ මැදින්..........
අපේ කට්ටිය ලබපු තවත් රසවත් අත්දැකීමක්....අපේ පලවෙනි "හයික්" ඒකියන්නෙ පලමු කදුනැගිමෙන් පස්සෙ හොදට ප්ලැන්කරල කරපු දෙවෙනි හයික් එක...
මෙය රසවත් වගේම ත්‍රාසජනක අවස්ථා වලිනුත් පිරුනු එකක් උනා...
කොහොමහරි..සාකජචා වට කිහිපයකින් පස්සෙ එ..එ අයට යම්..යම් වගකීම් බෙදලා දීලා ගමන යන්ඩ දවසකුත් යොදාගත්තා........
බ්‍රහස්පතින්ද දවසක්....සවස 6.30 ට....විතර අපේ කන්ඩායමේ සගයන් එකිනෙකා "සගයන් කිව්වට අපේ කාන්තා පාර්ෂවයේ කස්ටිය තරහ ගන්ට එපා ඔං..." ප්‍රධාන මධ්‍යස්ථානයට රැස්වෙන්නට පටන් ගත්තා... අපි කොළඹින් පිටත් වෙන්න තීරනය කරන් හිටියෙ පස්වරු 7.30 ට පමන..
තීරනය කරගත් පරිදී රත්නපුරේ..සපුගස්තැන්න වතුයායට,.. මධයම රාත්‍රීයට පෙර යන්නයි කට්ටියගෙ සුජානම....
Tuesday, February 1, 2011
අතර මැද කතාවක්............. කටු..කැම.....! 4..
ප්‍රධාන පාරෙන් ඔබ්බට විහිදුන කුඩා පටුපාරකි..රෙකොඩ්බාර් එක හෙතුවෙන් සොදිසියෙන් නොබැලු කෙනෙකුට එම මාර්ගය එකවර නොපෙනෙ...
මචො...ඇත්තටම අපිට මග ඇරුන එක හරි..මෙක මහපාරට හරියට පෙන්නෑනෙ බං..බලපං බොඩ් ලැල්ලත් තියෙන්නෙ රෙකොඩ්බාර් එකෙ බ්ත්තියටම හෙත්තුවෙන්ඩ වගෙ... ඔක ගැහුවට වඩා හොදයි..නිකං හිටියනං...
අරුන තවමත් කොපයෙනි...
හරි..හරි බං දැන් හරිනෙ අපි පොඩි සොදිසියක් දල බලමු...
දෙමිතුරන් පාපැදියෙ නැගි පටුපරට වන්හ.. පාර කෙසෙවුවද..,පාර දෙපස වුයෙ තරමක් සරු නිවෙස්ය... එ .අතර ඉතා සුකොපභොගි නිවෙස්නයන් ද විය...
"මචං අරුන මෙ වම්පැත්තෙ තියෙන්නෙ බෙත් සාප්පුවක් නෙද බං...අටා එකකුත් නවත්තලා තියෙන්නෙ.." ලසන්ත නැවතත් හඩ අවදිකලෙය...
පාරෙහි වම්පස දෙමහල් ගොඩනැගිල්ලකි..එම භුමියෙ පුද්ගලික අරොග්‍ය්ය ශාලාවක ලකුනු දක්නට ලැබින.. ඉට ඉදිරියෙන් පාරෙ දකුනුපසට ගැඹුරු වංගුවකි..
මචො. ඉස්සරහ හෙන වංගුවක්නෙ බං ඔකෙන් එහාපැත්තෙ මොන මගුලක් වෙනවද දන්නැ...ඉමල්කව මුනට මුන ..හම්බුනොත් කොහොමද මල මගුලයි...
උබ බයනොවි හිටපංකො.. කොහොමත් එකි දැනගන්ඩ එපැ උබ එකිට ට්‍රයි කියලවත්...
පිස්සු කෙලින්ඩ එපා බං ...මං කියන්නං උබ ගිහින් බලල වරෙන් මං මෙතන ඉන්නං...
ලසන්ත පාපැදියෙන් බිමට වන්හ...
ඒ... සමගම අරුන ඉදිරියට ගියෙය... වංගුවෙන් නොපෙනි යන මිතුරා දෙස දිල්‍රිසෙන නෙත් දෙකින් ලසන්ත
බලාසිටියෙය...
විරාමය.... !
Tuesday, December 28, 2010
අතර මැද කතාවක්............. කටු..කැම.....! 3...
බලාපොරොත්තු..දල්වාගත්..නෙතින්,තරුනයා අමතන තම සගයා දකින අරුනගෙ..මුහුන.. විකසිතවිය....
ඔව් මචන්.. මං ඉන්නෙ 1ස්ට් ලෙන් එකෙ...
එතකොට ඔය ලෙන් එකට අපි ගියානෙ ..බං..
මචං මෙකයි..වෙලා ඇත්තෙ..උබලා ගිහින් ඇත්තෙ..හොරන පාරෙ තියෙන 1ස්ට් ලෙන් එකේ.. මචන් මං කියන්නෙ.. පොලිසිය ඉස්සරහ තියෙන එක...
කොහෙද බං පොලිසිය ගාව එහෙම..පාරක් අපි දැන් එතනින් නෙ ආවෙ බං... අරුනගෙ මුහුනෙ ප්‍රස්නාර්තයකි...
මචන් පොල්‍රිසිය ඉස්සරහ හයිග්ලෙවල් පාරෙ අනිත් පැත්තෙ තියනව රෙකොඩ් බාර් එකක් අන්න එකත් එක්කම රෙකොඩ් බාර් එක අයිනෙන් පොඩි පාරක් ඇති එක මේන් රොඩ් එකට හරියට පෙන්නැ එකයි උබලට මිස් උනෙ..තරුනයා දීර්ඝ.. විස්තරයක් කලෙය........
හරි මචං..තැන්ක්ස්..විස්තරෙට..ලසන්ත යමං..අරුන පාපැදියට නගිමින් ලසන්ත ට පැවසීය..
පාපැදියෙ නැගුන දෙමිතුරන්...නැවතත් නගරය දෙසට යන්නට විය....
මචං අර තියෙන්නෙ... රෙකොඩ් බාර් එකනං.. එළම කිරි මචො.. මෙතියෙන්නෙ ලෙන් එක.., හරි හරි බං බෙල්ල කඩා ගන්නැතිව හිටපං... උබ ඔහොම ඳැගලුවොත් දෙන්නටම ඉස්පිරිතාලෙ ලගින්ඩ තමා වෙන්නෙ...
තම සගයාගෙ නොයිවසිල්ල..නොරිස්සු..අරුන කැගැසීය...
විරාමය...