Friday, June 3, 2011

සමනල කන්දට කැලේ මැදින්......( 4..ර.)




බිම් කරුවල මැකෙමින් තිබුනා...

අපේ කට්ටිය 20 දෙනෙක් පමන හිටිය නිසා පාන්දරම අවදිවෙන්න සිද්දවුනා " මොකද කියනවනං...කට්ටියට දොට්ට පිලට යන්ඩ එපායැ..." කොහොමත් අපි පාන්දරම ගමන පිටත් වෙන්ඩ තමයි කටයුතු සුදානම් කරගෙන තිබුනෙ.........

හපුගස්තැන්න වතුයාය සමනල කඳු පන්තියේ එක් අන්තයක පටන් ගැන්ම්මෙ පිහිටලා තිබුනෙ... ඉතින් අපට සමනල කඳු මුදුන තරනය කරන්න...කඳුපන්ති 3ක් පමන පසුකරන්න සිද්ද වෙනව..අපි, සාමන්‍යයෙන් සමනල කන්ද මුදුනට යන පාරක් තොරානොගෙන කැලැබද කදුකර මාර්ගයක් තොරාගත් බැවින් ගමන ඉක්මන් කිරිම නුවනට හුරු දෙයක්..........

ඉහල පින්තුරේ තිබෙන්නෙ ඒ එක් කඳුවලල්ලක් තමයි...

පාන්දර තේ පානයෙන් පසුව අතරමගදි උදේ වෙල සප්පායන් වෙන්ඩ හිතාගත් අපේ කට්ටිය දෙවිදෙවතාවන් සිහිපත් කරගෙන...ගමන පිටත්වුනා...

පටන් ගැන්මෙදි අපට තේවතු මැදින් ගමන් කරන්න සිද්ද උනා...පාන්දරම වැටෙන ...සූර්ය දිව්‍ය රාජයාගේ ලා රැස් දහර කඳු අතර චමත්කාර දසුනක් මැවුව....

අපේ සහුර්දයගේ මලයා අපට මග කියන්න... මාමල තුන්දෙනෙකු.... ලබලා දිලා තිබුනා... කඳුකර කැලයට ඇතුල්වෙන්ඩ කලින් අපි තේ, සමග බැඳෙන ලැයින් ගම්මාන කිපයක්ම..පසුකලා....

ඒ දමිල සහුර්දයන් ඔවුන්ගේ අහිංසක සිනහවෙන් , ඔවුන් පසුකරයන අපට සංග්‍රහ කලා...

Thursday, June 2, 2011

සමනල කන්දට කැලේ මැදින්.........3.



රැ මැදියම වෙනකොට වත්තේ බංගලාව පාමුලට අපිව රැගත් බස් රථය පැමිනිලා තිබුනා....මාර්ගයේ පැවති පටු බව සහ වංගු සහිත වීම නිසා බසය බංගලාව පිහිටි භුමියට ගැනීම තරමක් අපහසු උනා...

කිහිපවරක් බසය ඉදිරියට සහ පසුපසට ගැනිමෙන් පසු රියදුරු මහතා බසය අපට අවශ්‍යය ස්ථානයට ගෙනෙනු ලැබුව.... අවට පරිසරය සඳරැස් වලින් නැහැවිලා......අවට තේවතු සිසාරා පැතිරිලා තිබුන සඳෙහි ආලොකය ඒ රාත්රිරය වර්නවත් කලා....

සපුගස්තැන්න වත්තේ පාලනය බලා ගන්ඩ පැවරිලා තිබුනේ අපේ කන්ඩායම් සගයෙකුගෙ ඥති පුත්ර යෙකුට.... ඔහු අපව සාදරයෙන් පිළිගනු ලැබුව....... අපේ කාලසටහනට අනුව උදැහැනැක්කෙම..... පිටත්වෙන්ඩ තිබුන නිසා කන්ඩායමට නිදාගන්ඩ තිබුනෙ සුලු කාලයක්....

ගමනෙ බර පොඩියකට පැත්තකින් තියලා කට්ටියම පුලුවන් පුලුවන් තැන්වල ඇලවුනා......නමුත්, ගතින් නිදාගත්තද........ සිතින් සැවොම අවදියෙන්.. ඒ බව..ඔවුන්ගේ..නිදාසිටි ඉරියවු වලින් දක්නට ලැබුනා....

Wednesday, June 1, 2011

සමනල කන්දට කැලේමැදින්.........( 2ක. )





බ්‍රහස්පතින්දා රැජාමෙ පිටත්වුන හින්දා...හපුගස්තැන්න වතුයායට යනකං...අපේ ගමනාගමනයට බස් රථයක් කුලියට ගනුලැබුව......

කොළඹින්..පිටත් වෙනකොට වෙලාව ටිකක් වැඩිපුර ගතවෙලා තිබුනා.... අපේ කට්ටිය ඔං.....කඳවුරු ගීත එහෙම කියන්ට තියාගත්තෙනැතැ.... අපි රත්නපුරයට එනකොට රාත්ත්‍රි 10 විතර වෙලා තිබුනා.

එතන ඉඳලා හපුගස්තැන්නට මාර්ගය වංගුවලින් ඝහන එකක් උනා...රාත්ත්‍රියෙ දැඩිකම නිසා අප පසුකරන පරිසරය කුමන ආකරයක් ගනුලබනවද කියන එක ගැන මනා වැටහිමක් අපට තිබුනෙනැ...නමුත් දැඩි වංගු සහිත පරිසරයක ආපේ කට්ටිය රැගත් බස් රථය ගමන් කරන බවනම් අපට වැඩිය අපේ ශරිරකුඩු වලට දැනෙන්ඩ පටන්ගෙන තිබුනා..........

සමනල කන්දට කැලේ මැදින්..........

අපේ කට්ටිය ලබපු තවත් රසවත් අත්දැකීමක්....අපේ පලවෙනි "හයික්" ඒකියන්නෙ පලමු කදුනැගිමෙන් පස්සෙ හොදට ප්ලැන්කරල කරපු දෙවෙනි හයික් එක...

මෙය රසවත් වගේම ත්‍රාසජනක අවස්ථා වලිනුත් පිරුනු එකක් උනා...

කොහොමහරි..සාකජචා වට කිහිපයකින් පස්සෙ එ..එ අයට යම්..යම් වගකීම් බෙදලා දීලා ගමන යන්ඩ දවසකුත් යොදාගත්තා........

බ්‍රහස්පතින්ද දවසක්....සවස 6.30 ට....විතර අපේ කන්ඩායමේ සගයන් එකිනෙකා "සගයන් කිව්වට අපේ කාන්තා පාර්ෂවයේ කස්ටිය තරහ ගන්ට එපා ඔං..." ප්‍රධාන මධ්‍යස්ථානයට රැස්වෙන්නට පටන් ගත්තා... අපි කොළඹින් පිටත් වෙන්න තීරනය කරන් හිටියෙ පස්වරු 7.30 ට පමන..

තීරනය කරගත් පරිදී රත්නපුරේ..සපුගස්තැන්න වතුයායට,.. මධයම රාත්‍රීයට පෙර යන්නයි කට්ටියගෙ සුජානම....

Tuesday, February 1, 2011

අතර මැද කතාවක්............. කටු..කැම.....! 4..



ප්‍රධාන පාරෙන් ඔබ්බට විහිදුන කුඩා පටුපාරකි..රෙකොඩ්බාර් එක හෙතුවෙන් සොදිසියෙන් නොබැලු කෙනෙකුට එම මාර්ගය එකවර නොපෙනෙ...

මචො...ඇත්තටම අපිට මග ඇරුන එක හරි..මෙක මහපාරට හරියට පෙන්නෑනෙ බං..බලපං බොඩ් ලැල්ලත් තියෙන්නෙ රෙකොඩ්බාර් එකෙ බ්ත්තියටම හෙත්තුවෙන්ඩ වගෙ... ඔක ගැහුවට වඩා හොදයි..නිකං හිටියනං...

අරුන තවමත් කොපයෙනි...

හරි..හරි බං දැන් හරිනෙ අපි පොඩි සොදිසියක් දල බලමු...

දෙමිතුරන් පාපැදියෙ නැගි පටුපරට වන්හ.. පාර කෙසෙවුවද..,පාර දෙපස වුයෙ තරමක් සරු නිවෙස්ය... එ .අතර ඉතා සුකොපභොගි නිවෙස්නයන් ද විය...

"මචං අරුන මෙ වම්පැත්තෙ තියෙන්නෙ බෙත් සාප්පුවක් නෙද බං...අටා එකකුත් නවත්තලා තියෙන්නෙ.." ලසන්ත නැවතත් හඩ අවදිකලෙය...

පාරෙහි වම්පස දෙමහල් ගොඩනැගිල්ලකි..එම භුමියෙ පුද්ගලික අරොග්‍ය්ය ශාලාවක ලකුනු දක්නට ලැබින.. ඉට ඉදිරියෙන් පාරෙ දකුනුපසට ගැඹුරු වංගුවකි..

මචො. ඉස්සරහ හෙන වංගුවක්නෙ බං ඔකෙන් එහාපැත්තෙ මොන මගුලක් වෙනවද දන්නැ...ඉමල්කව මුනට මුන ..හම්බුනොත් කොහොමද මල මගුලයි...

උබ බයනොවි හිටපංකො.. කොහොමත් එකි දැනගන්ඩ එපැ උබ එකිට ට්‍රයි කියලවත්...

පිස්සු කෙලින්ඩ එපා බං ...මං කියන්නං උබ ගිහින් බලල වරෙන් මං මෙතන ඉන්නං...

ලසන්ත පාපැදියෙන් බිමට වන්හ...

ඒ... සමගම අරුන ඉදිරියට ගියෙය... වංගුවෙන් නොපෙනි යන මිතුරා දෙස දිල්‍රිසෙන නෙත් දෙකින් ලසන්ත

බලාසිටියෙය...

විරාමය.... !

Tuesday, December 28, 2010

අතර මැද කතාවක්............. කටු..කැම.....! 3...

බලාපොරොත්තු..දල්වාගත්..නෙතින්,තරුනයා අමතන තම සගයා දකින අරුනගෙ..මුහුන.. විකසිතවිය....

ඔව් මචන්.. මං ඉන්නෙ 1ස්ට් ලෙන් එකෙ...

එතකොට ඔය ලෙන් එකට අපි ගියානෙ ..බං..

මචං මෙකයි..වෙලා ඇත්තෙ..උබලා ගිහින් ඇත්තෙ..හොරන පාරෙ තියෙන 1ස්ට් ලෙන් එකේ.. මචන් මං කියන්නෙ.. පොලිසිය ඉස්සරහ තියෙන එක...

කොහෙද බං පොලිසිය ගාව එහෙම..පාරක් අපි දැන් එතනින් නෙ ආවෙ බං... අරුනගෙ මුහුනෙ ප්‍රස්නාර්තයකි...

මචන් පොල්‍රිසිය ඉස්සරහ හයිග්ලෙවල් පාරෙ අනිත් පැත්තෙ තියනව රෙකොඩ් බාර් එකක් අන්න එකත් එක්කම රෙකොඩ් බාර් එක අයිනෙන් පොඩි පාරක් ඇති එක මේන් රොඩ් එකට හරියට පෙන්නැ එකයි උබලට මිස් උනෙ..තරුනයා දීර්ඝ.. විස්තරයක් කලෙය........

හරි මචං..තැන්ක්ස්..විස්තරෙට..ලසන්ත යමං..අරුන පාපැදියට නගිමින් ලසන්ත ට පැවසීය..

පාපැදියෙ නැගුන දෙමිතුරන්...නැවතත් නගරය දෙසට යන්නට විය....

මචං අර තියෙන්නෙ... රෙකොඩ් බාර් එකනං.. එළම කිරි මචො.. මෙතියෙන්නෙ ලෙන් එක.., හරි හරි බං බෙල්ල කඩා ගන්නැතිව හිටපං... උබ ඔහොම ඳැගලුවොත් දෙන්නටම ඉස්පිරිතාලෙ ලගින්ඩ තමා වෙන්නෙ...

තම සගයාගෙ නොයිවසිල්ල..නොරිස්සු..අරුන කැගැසීය...

විරාමය...

Wednesday, October 27, 2010

අතර මැද කතාවක්............. කටු..කැම.....! 2ක

මෙහි එන සියලුම නම් ගම් මනඃකල්පිතය....

"මචන්... උබ හිතනවද අපි කලින් ගිය ලේන් එකෙ ඔය ගේ ඇතිකියල..."

ලසන්ත සුන්වු නෙතින් අරුන දෙස බැලීය....... " උබ අවුල් වෙන්නැතිව හිටපංකො....උබෙ මුනත් හරියට හුලං බැහැපු මොරිස් මයිනර් එකක් වගෙ බං............." ලසන්තගෙ හිත සනසන්නට අරුන එසෙ කීවද.. ඔහුගෙ සිතත් නොසන්සුන්ය...

සයිකලය පදිමින් ඉදිරියට එන දෙමිතුරන් හට ක්‍රිඩාවෙහි යෙදෙමින් සිටින තරුනයන් පිරිසක් ඇසගැටින...... " මචන් පොඩ්ඩක් හිටපං අතන ඉන්න එකෙක් මං හිතන්නෙ ඉමල්කගෙ ඉයර් එකෙ අපි පොඩ්ඩක් අහල බලමු මොනාහරි පොටක් අල්ලගන්ඩ පුලුවන් වෙයි....." අරුන තරුනයන් දෙස බලමින් කීය.. " මචන් අපි චාටර් වෙන එකක් නැනෙද....එකීගෙ නැදැවෙන එකෙක් එහෙම හිටියොත් හොදී ඔන්නැ...." " නැ බං උබ බයනොවී හිටපං.." සයිකල යෙන් බිමට වන් දෙමිතුරන් තරුනයන් දෙසට යන්නට විය.පිරිස අතරින් තරමක් උස් තරුනයකු අසලට වන් අරුන තොරතුරු විමසන්නට විය.....

"මචන්.. උබ දන්නවද ඉමල්කා කියල ගැනු ලමයෙක්ව.. උබලගෙ ඉයර් එකෙමයි බාලිකාවට ගිහින් තියෙන්නෙ...."

ම්ම්... මචන් පොඩ්ඩක් මතකයි මචන් ඇයි මොකො කෙස් එක...?

" නැබං මෙ අපෙ එකෙකුට පොඩ්ඩක් විස්තර ටිකක් හොයනව එකයි... " ( මුටත් ඔන්නැති මගුලක් නැ ලෙඩෙට බෙත් ඇහුවම අම්ම බඩදරු වෙලද කියලත් අහනව අච්ච්ට හාල්ගරන්ඩ...)

මුහුනෙහි ප්‍රස්නාර්තයක් සමගින් අරුන තරුනයගෙ මුහුන දෙස බලා සිටින්නට විය...

" මචන් සින් එක මෙකයි ඉමල්කව දන්නව උනාට එකී දැන් ඉන්න තැන නං මං දන්නෙ නැ බං......."

මෙතෙක් තරුනයාගෙ සහ අරුනගෙ සංවාද දෙස බලා සිටි පිරිසෙහි තවත් එක් තරුනයෙකු අරුන ලගට පැමිනියෙය...

" මචන් මං හිතන්නෙ උබල ඔය කියන ගර්ල් මං දන්නව ඉමල්කනෙ එයා හිටියෙ අපෙ ලෙන් එකෙ.. එත් මචන් එගොල්ලො අපෙ ලෙන් එකෙන් ගිහින් දැන් අවුරුද්දක් විතර වෙනව... දැන්නං ඉන්නෙ කොහෙද කියල හරියටම දන්නැ.. මං හිතන්නෙ පිටිපන පැත්තෙ එත් ශුවර් නැ මචන්..."

මෙතෙක් වේල නිහඩව සිටි ලසන්ත...

දෙවෙනි වර අරුන ලගට පැමිනි තරුනයා වෙත පැමින කටහඩ අවදිකලෙය......

" මචන් උබ ඉන්නෙ අරලිය උයන 1ස්ට් ලෙන් එකෙද...? "

ඉතිරි කොටස ලගදීම.............