Saturday, February 21, 2015

සිතිවිලි.............



ජීවිතේ

මහ

පුදුම

හතරබීරි

කතාවක්

කියලා

වෙලාවකට

හිතෙන

කොට

තව

කොතන

හරි

තැනක

එක

සුන්දර

කතන්දරයක්

කියලා

කෙනෙක්

කියන කොට

අපි

අපේම

හැඟීම්

වල

තුරුලුවෙලා

හිත

පහුරුගානවා

කියලා

කියන

එක

අරුමයක්


නෙමෙයි..!


Monday, February 16, 2015

තුවාල කබල





ආයේත් සැරයක්

තවත් හන්දියක

සියල්ල නැවතුන

එක් නිමේෂයක්

ආපහු සිතන්න

අලුත් පාරකද

පරණ පාරේමද

ඒහේමත් නැත්නම්

වෙනස් අයුරකට

ජීවිත සටනේ

පෙරටම යන්නට

සිතිවිලි පොරකන

හොරා කිහිපය

ගතවීයන්නේ

තුච්චම තාලේට

ඒකත් හරියට

හොඳවෙන තුවාලේ

වටේ කහනකොට

කබල කොනහින්ට

හිතෙනව වාගේ..!!