Thursday, October 3, 2013

අත් පටලා යමු ආයේ....


අපේ ලොකු රාජ් එතකොට සිරා මලයා එහේම සින්දු ගැන බ්ලොගේ ලෑටි ගාන කොට මටත් හීනියට හිතුනා ආපහු සිංදු කොත්තුවක් ලිව්වොත් හොඳා කියලා ඒත් ඒ අදහස පැත්තකට දලා මෙන්න මෙහේම ලියන්න හිතුනා...
  ආදරෙන් වෙලිච්ච පෙම්වතුන් ඉන්න වටපිටාවටත් හරියට වසන්තකාලේ එළැඹිලාවගේ හරි අපුරුයි නේව අන්න එහේම වෙලාවක පරිසරයත් සතුටින් බලාන ඉන්නේ මේ පෙම්වතුන්ගේ සතුට දිහා
මේගීයත් හරියට ආන්න ඒවගේ කියලයි මට හිතුනේ....

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ....
          අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ...............
රසවැහේන සිලෝ ගීතිකා රහසේ....
          දැස්වලින් කතාකරමු...,  දැස් වලින් රහසේ.......

ආදරයක් හටගන්නත් සිතිවිලි හැඟුමන් පිබිදෙන්ට එපායැ.. ආදරෙන් කුල්මත් වෙච්චි පෙම්වතුන් යුවලකට  එකට මුනගැහිලා කල්පයක් පෙම්බස් දෙඩුවත් හරියට එක විනාඩියක් ගතවුනා වගේ තමයි ඉතින් දැනෙන්නේ මේ ගීයෙන් කියැවෙන්නේත් එහේම කතාවක් කියලයි මට හිතුනේ........

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්...
ඉඩ ලබාගනිමු තරමින් වියතක්..
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ....

වෙලාවකට මොනදේ ලැබුනත් සැනහෙන්න බැරිගතියක් තියෙනව නේව ඒ අපේ මනුස්ස ජාතියේ හැටි කොච්චර ආදරෙන් වෙලීපටැලී සිටිය යුවලක් උනත් මොහොතකින් සිතිවිලි කැඩිබිඳි ඉගිලි යන්න තියෙන අවස්තාවන් බොහොම වැඩියි. තනි තරුවටත්, වික්ටර් රත්නායකයන් කියන්න ඇත්තේ ඒ ටික නේද...

මහද අරනේ ලතැවි ලතැවි...
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි...
මගෙන් ඉවත ඇදිලා සැනහී....
තනි තරුවේ......

ඔහොම ටිකෙන් ටික කැඩිලා බිඳිලා හැල හැප්පීම් වෙච්චි පෙම් කුඩුවෙන් එක්තරා දිනෙක කිරිල්ලි එක පැත්තකටත්, කුරුල්ලා තවපැත්තකටත් ඉගිලිලා යනකොට පරිසරයට උනත් එක දරාගන්ට බැරිවෙන්නේ හරියට වසන්තයෙන් පස්සේ කටුක ශීතලෙන් ගහකොල හැකිලෙන්නාක් වාගේ නොවෙද.. මේ ගියෙන් කියැවෙන්නේත් එවැනි කතාවක් ද....?

එපා හිරු පායන්න...
   අදින් පසු මගේ ලොවට...
අදයි අවසන් දවස..
   ඇගෙන් මා...
     මගෙන් ඈ සමුගන්න.........

මම හිතන්නේ කාලය තමයි බොහෝ ගැටළු වලට පිළිතුරු සපයන හොඳම බෙහෙත කියලයි වසර කිහිපයක් ගෙවිලා ගිහින් පැරණි සිතිවිලි වියැකිලා අලුත් සිතිවිලි පිබිදිලා ජිවිතේ වෙනස් වෙලා කාලය ගතවෙලා යන්නේ හරිම පුදුම විදිහටනේ.. ඔහොම ගෙවෙන ජිවිතේ ගිමන්හරින්නට නවතින තත්පර කිහිපයකදි අර පරණ මතක හිටිගමන් සිතිවිලි අතර හොල්මන් කරන එක සක්කරයටවත් නවත්වන්ට බැහැ කියලයි මගේ හැඟීම. අන්න එහේව් වෙලාවකට අපූරුවට ගැලපෙන ගීයක් නොවෙද මේ ගැයෙන්නේ.........!

දිනෙක හිරු බැස යන වෙලාවක...
සයුරු වෙරළක හුදෙකලාවක...
කල්පනාවේ සිටින මොහොතක...
මතක් විය සිතිවිලි අතීතෙක....

වික්ටර් රත්නායකයන්ගේ මෙවන් අපූර්ව ගීත ගොන්නක කිමිදිලා හිටිය මට ඇතිවුන සිතිවිලි මේවිදිහට බ්ලොගේ ලැටිගාන්න හිතුනා, එහේව් ගීත ඔබට කොහොමද දැනුනේ...?  ඉඩහරින්න ඔබේ සිතිවිලි වලට ඉගිලෙන්නට….!!!