කවුරු හරි මගේන් ආසම ක්‍රිඩාව මොකද්ද කියල
ඇහුවොත් මම බොක්කේම්ම දෙන උත්තරේ තමා ක්‍රිකොට් . හැබැ පොඩිම කාලේ ඔය පිත්ත අල්ලන
විදිහ තාත්තා කියල දුන්නද කියල හරියට මතක නැති උනත්...දෙයියනේ කියල ඔන බොලේකට
ඇට්ටි හැලෙන්ඩ පහර දෙන්ඩ නම් යස අගේට පුලුවං..
අපේ ගම්වල කොල්ලො ඉස්කොල පිට්ටනිවල..ගොයං
කැපුවම අර රොටියක් වෙන්ඩ වෙලිලා තියෙන කුඹුරුවල..පොල්වතු අස්සේ ..ඒ විතරක්
යෑ..ගෙන්දගම් පොලොවේ එව්වො..පාලු පාරවල් වල..පාලුවට ගිය බස් ගාලවල් වල ..ගෙවල්
අස්සට යන්ඩ තියෙන ලේන් වල ඔය මේකි නොකී හැම ඉඩකම කොරන්නේ ක්‍රිකොට් ගහන එක නොවැ..
ක්‍රිකොට් කිවාට ඔක එක එක විදිහට ගහනව නොවැ..ඔය
හයදෙනේක් විතර එක පිලකට සේට් වෙලා අනිත්
පැත්තේ එවුන්ට තඩිබාන ක්‍රමේ සික්සර් සයිඩ් ලුනේ..හැබැ වැඩිය සෙල්ලන් දාන්ඩ බැරි පොඩි ඉඩකට සෙට් වෙලා
කොරන්නේ වම්බම් ගහන එකලු...හතරේ සිමාවට උඩින් ගියහම අවුට් වෙන පුලුවන් තරම් බිම
දිගේම ගහන්ට ඔන.. සීමාව පොඩි උනත් එකොලොස් දෙනේක්ම පන්දු රකින්නේ බඩි කිරිකට්
වලලු...
දැන් ඔය ඩබල් විකට් කියල එකකකුත් තියනව
නොවැ..හැබැ මේකේ දෙන්නේක් පන්දුවට පහර දෙනකොට අනිත් පිලේ ඉන්නේ දෙන්නේක් විතරයි ඒ
කිව්වේ කඩුලු රකින උන්දැයි..පන්දුයවන පොරයි විතරයි..හප්පේ අනිත් එව්වා වගේ නෙමේ මේ
වැඩේ ඇයි වදේ බොල දාන ගමන් පන්දුත් රකින්ඩ එපෑ..හැබැ එළ බොලර් කෙනේක් නම් ඉතින්
වැඩේ ගොඩ...
දැන් එතකොට එකොලහ..එකොලහ පිල් දෙකටම සේට් වෙලා
ඔය රට රටවල් වල එව්වො කිරිකොට් ගැහුවට මොකද..අපේ ගමේ නගරේ කොල්ලො නම් හවසට පිට්ටනියට
සෙට් උනහම ඉන්න එවුන් ඔක්කොම දෙපැත්තට දාගෙන නොවැ ඔය කිරිකොට් ගැහිල්ල ගහන්නේ...
අම්මපා ලංකාවේ කිරිකොට් ටිම් එකට තරං පිනා
චාන්ස් සෙට්වෙන වෙන රටක් නැති තරං..ඇයි වදේ කී පාරක් නම් එහාට මෙහාට දොලනේ වෙලා
ලොක කිරිකොට් කිරුල ලඟටම ගියාද...අර අතට ගත්ත දේ කටේ දාගන්ඩ පින නෑ කියන් නැහේ..අර
ලඟට ගිය වේගෙන්ම ආපහු ඇදවැටෙන එකනම් රම්මෙපෙට පොරි හැලෙන්නැහේ වෙනවා...
මොනව උනත් අර 1996 ගහපු ගැහිල්ල තමයි
ගැහිල්ල....ඈ...ඔන්න ගහනව නම් ගැහිලි..
අර කලින් කිව්ව වගේ කාගේ හරි කරෙන් කිරුළ කරා
යන ගමනක් බලාගන්ඩ කට්ටියටම පුලුවන් මේදා පොටෙත් ඔස්ට්‍රෙලියාව දිහාට හැරුනොත්...
අනේ ඉතින් එහේම වෙන්ටෑ හෙතුවාසනා ලැබේවා කියල
ප්‍රර්ථනා කොරන්ට ඔං මේපැත්තේ ඇවිල යන ඔක්කොමල්ලා ඈ..ඈ...