Wednesday, July 20, 2011

කොටි.. මැද මුහමලේ රැයක්....


ඒ 1994 රේ අගොස්තු මසට නුදුරු දිනයකි. මේවනවිට උතුරේ යුධ්ධය දේපිලේ සාකච්ජා මැද පවතින යුගයකි. අපහට පැවරිතිබුනේ උතුරේ තොරාගත් පාසැල් කිහිපයක තොරතුරු තාක්ෂණික ජාල පද්දතියක් සැකසිමටයි.

යාපනය හන්දියෙන් ඔමන්ත දෙසට හැරවු අප රැගත් රිය හැල්මේ ඉදිරියට ඇදේ. නමුත් එකකාරි වෙගයකින් රථ පෙලට ගමන් කලනොහැක මර්ගය බොහො සෙයින් කඩතොලු වී ඇත. වැන් රථ 4 කින් සහ බඩු පැටවු කන්ටෙනරයක්, මධ්‍යම ප්‍රමානයේ ලොරි රථ දෙකක් අප සතුවිය.

අනුරාදපුරයෙන් පසු හමුවන විශාල නගරය වන වවුනියා වෙත අප උදැසන 10.30 පමන වන්විට ලඟාවිමු. එහිදි දහවල සඳහා අවශ්‍ය ආහාර අප පාර්සල් කරගතිමු. යුධ්ධය වියැකි නොමැති හෙයින්දො නැවතත් ගමන් ආරම්භ කල අපගේ සිත් මඳ චකිතයකින් යුක්තය. අවට පරිසරය බොහො කර්කශ බවින් යුක්තය ජනයා අල්ප වශයේන් ගැවසුන අතර මහා පාලු මුසල බවක් හත්පස පැතිර පවති.

පෙරවරු 11.30 පමන වන විට අප ඔමන්ත අපගේ හමුදා කඳවුර වෙත පැමිනිමු.ඉතා සහයොගයෙන් අපසමග කටයුතුකල ඔවුන් සියලුම සොදිසි කිරිම් වලින් පසු අප පිටත්කර හැරියේය..., කොළඹින් මෙහි පැමිනෙන විට අවශය කරන සියලුම අවසර පත්‍ර අප රැගෙන විත් තිබු බැවින් කරදර කාරිබවින් මිදීන. ඔමන්ත හමුදා සීමාවෙන් පිටත් වූ අප මිටර 500 පමන පසුකර එවකට ඒල්ටිටීයේ ග්‍රහනයෙන් යුක්ත වූ කඳවුරු භූමියට පැමිනිමු.

මෙහි තත්වය අප හමුදා මුරපලට වඩා බොහො සෙයින් වෙනස්වුනි,.... හත්පස තන්හි තන්හි පොල් අතු සෙවිලිකල ගොඩනැගිලි සාදා ඇත. බඩු බාහිරාදියෙන් තොර මඟින් ගමන් ගත් රථ එක් තැනක ගාල් කලයුතු වූ අතර කන්ටෙනරය සහ අනෙක් ලොරි රථ ඔවුන් වෙන්කල ජැටියක් ලඟ නවතා සියලුම බඩු බාහිරාදිය නැවතත් රථ වලින් පිටතට ගෙන පරික්ශා කරන්නට යෙදුනි.

මේ අතර වාරයේ ඔවුන්ගේ සාමජිකයකු අප පිරිස තනිතනිව ගෙන සම්මුක පරික්ෂනයකට භාජනය කරන ලදී. එමෙන්ම එක් තැනෙක හැදුන්පතේ සිට වාහන චැසී අන්කය දක්වා තොරතුරු පිටපත් ලබාගන්නා ලදී. මෙ අයුරින් අධික සොදිසි කිරිමකට භාජනය කරනු ලැබු අප සැම සවස 3.30 පමන වනවිටදී නිදහස් කර හරින ලදී.අපට මෙන්ම මේ භූමිය හරහා යන සැම කෙනේකුටම මේ ඉරනමට ගොදුරු වීමට සිදුවිය.

එල්ටිටී ඔමන්ත භූමියෙ සිට යාපනය දක්වාවු මාර්ගය හොදින් සකසා ඇත.සවස 6.30 ට පෙර අප මුහමලේ කොටි අවසන් මුරපල පසුකල යුතුය නැතහොත් අපගේ හමුදා මුරපලින් අප යාපනය දෙසට බාර නොගනි. වෙලාව බොහොසෙයින් ගෙවී ගොසින්ය...ඔමන්ත කොටි පොලේ සිදු වූයේ මහා රස්තියාදුවකි....

දෙපස වරෙක ලඳු කැලැ ද විටෙක තරමක වනගහනයෙන් යුක්තය, යාපනය දක්වා දිවෙන මග හියක්සේ ඇතට ඇදිගොස් මිරිඟුව සමග බොඳව යයි..ඇතැම් විට රථයක් අප පසුකර ඔමන්ත දෙසට දිවෙයි..එසේ යන ඇතැම් ඒවායේ වා කවුලු ඝන කලු පාටින් ආවරනය කොට ඇත ඒ එල්ටිටී වාහන විය යුතුය. අප පිරිස හැරුනුකල හත්පස මිනිස් පුලුටක් නැත්තේමය, මේ වනවිට අප රැගත් වාහන තරමක වේගයක් ගෙන තිබේ...

රැගෙනවිත් විත් තිබු කැම පාර්සල් පමාවිම හෙතුවෙන් නරක් වී තිබින, එබැවින් දහවල් ආහරය බිස්කට්වලට සීමාවිය.දැන් දැන් කුසගින්න නොසන්සුන් බව අප වෙලාපැතිරි පවති. සවස 5.30 පමන වනවිට කොටින්ගේ හදවත බඳු වූ කිලිනොච්චි වෙත පැමිනිමට හැකිවිය. එම නගරය පසුකිරිම දී අපගේ වේගය සැලකියයුතු ලෙස බාලවිය, මන්ද යත් නගර හරහා ගමන්කිරිමෙදී උපරිම වෙගය පැ.සැ 20 පමන විමය.

නගරය තරමක් කලබල කාරි බවින් යුක්ත වූ අතර තැන් තැන් වල විශාල ගොඩනැගිලි ස්මාරක දැකිය හැක.කොටි පොලොසිය මාර්ගය පුරා රැදිසිට වාහන මෙහෙයවයි. සවස 6 පමන වූ කල අප අලි මන්කඩ පසුකලේමු... ඒ මග පසුකිරිම තරමක් ශොකය දනවන කාරියකින් යුක්තය පෙර අප හමුදාවට අයත් බල කඳවුරක් වු එතැන මෙකල අප හමුදාවේ නටබුන් වූ යුධ ටැංකි ශොබර ස්මාරක සේ තන්හි තන්හි රැදි ඇති ස්ථානයක් බවට පත්ව ඇත.

දැන්නම් මුහමලේන් රින්ගා යැමට බැරිබව සක්සුදක් සේ පැහැදිලිය. ඉදිරියෙන් පැමිනෙන සාමන්‍ය වාහන ප්‍රධාන එලි දල්වමින් අපට සන්ඤා කරයි.නමුත් දෛයිවය එසේ විසඳි ඇත සවස 6.30 ට අප මුහමලේ ට පැමිනියද, කොටින් අප එ තැනින් මුදා හැරිමට කැමති වුවද අප හමුදාව අකමැත්ත පල කරනලදී., මන්ද යත් අඳුරට මුවාවි අප සමග කොටි බිල්ලක් හමුදාව වෙත එවිය හැකි බැවින.
අද දින අප මුහමලේ පොල් අතු පැල්කොට අතර ගතකල යුතුය, ජන්ගම දුරකතන සංඥා පද්දතීන් ද ක්‍රියා විරහිතවී ඇත. වැල්ලෙන් ඝහන වු ඒ බිමෙහි රථ ගාල්කරවු අප සැම කොටි බිමේ ඇති කුඩා ලිඳකින් අතපය සොදා ගතිමු.පොල් අතු පැල්කොට අතර සදා තිබු කුඩා කඩයෙහි කැමට තිබුනේ රොටි සහ බිස්කට් පමනි. නමුත් නොයෙක් මාදිලියේ පැනි බිම වර්ග බොහො විය. රොටි සමග තිබු කට්ට සම්බොලයකින් කුසගින්න නිවාගැනිමට අපට සිදුවිය. පොල් අතු මඩු බිමෙහි සිමෙන්තියෙන් සකසා තිබුනද වැලිපොලොංගුන්ගෙන් ආරක්ෂා වියයුතු බැවින් එහි නිදාගත නොහැක. රාත්‍රි අඳුර මොරා එන්නට වූ කල අපෙන් කිහිප දෙනෙකු වැන් රථ තුලද සමහරෙක් ලොරි රථ දෙකද තම සයනය කරගත්තොය.

විටින් විට එල්ටිටීයට අයත් වාහන ගමන් කරන හඬ අඳුර පීරාගෙන දෙසවන වැකිනි. නින්දත් නොනින්දත් අතර සිටි ඒ රාත්‍රියේ කිහිප වතාවක් විදුලි පන්දම් එලි ඒමේ අත ගලාගියේය.අසහනකාරිවූ ..කාලය පහව යමින් ටිකෙන් ටික එලිය වැටෙන්නට විය. උදැසන 7.00 පසු අප හමුදා එකකය ඔමන්තේ සිට එන්නන් යාපන සීමාවට ඇතුල් කරනා බැවින් ඉක්මනින් සුදානම් වී මුහමලේ කොටි කඳවුර පසුකලේමු.

Monday, July 18, 2011

කොච්චියෙන්..වාලච්චෙනේට..කඳවුරු ක්‍රිඩා...4..ර..(අවසන් කොටස...)


උදැසන සිට වසින වැස්ස තවමත් නොනවත්වා ඇදහැලේ.....නැවතුම් පල වෙත ආපසු එනගමනේ දී ගෙන එන ලද ඉස්සො, කුකුල් මස්, මාලු යනාදී කලමනා රාත්‍රි ආහාරය සඳහා පිසගතිමු... ඇත්තෙන්ම මේ ප්‍රදෙශයේ ඉස්සන් ඉතා රසවත්ය.

රසවත් රාත්‍රි ආහාර යකින්ද....සැහැල්ලු මානසිකත්වයකින් යුක්ත වූ අප කරා නින්ද ඉක්මනින් පැමිනියේය. පෙර දින තිබු මදුරු කරදරය මෙදින නැතුවා සෙය....දීර්ඝ නින්දකින් පසු උදැසනම අවදී වු අපසැම,දමිල සහුර්දයන්ගෙන් සමුගෙන ඉක්මනින්ම පිටත් විමු....

දුම් රිය පල කරා අප පයින් ගමන් ගතිමු..යන අතර මගදී මඟ වූ කඩයකින් තොසේ,පරාටා යනදිය උදැසන හාහරය සඳහා කැමට ගතිමු. ඇත්තෙන්ම අගනුවර කඩ කැමට වඩා මෙම ආහාර රසවත්ය.වලච්චෙන දුම් රිය පලට පැමිනි අප උදැසන 9.00 ට පමන කොළඹ බලා දිවෙන දුම් රියෙහි නැගගතිමු.
රාත්‍රියේ මෙන් නොව දහවලේ ගමන් කරන බැවින් අවට රුසිරි මනාව දර්ශනය වේ, පූනැව දුම් රිය පල සමිපයට පැමිනෙන තෙක් මග දෙපස බොහො තැන් හී විශාල වෙල්යාය වල් දක්නට ලැබින.
අප නැගි දුම් රිය පෙට්ට්යේ වෙනත් මගින් නොමැති වු හෙයින් නිදහස
බොහොවිය.....ඇතැම්විට අප පිරිස ගීත ගායනාකරමින් ගමන් ගතිමු. පූනැව ප්‍රදෙශය පසුකරත්ම දුම් රිය වනගොමු අතරින් ගමන් ගත්තේය. නැවතත් පොලොන්නරුව නගරය කලබල කාරි බවින් යුක්ත වුවද...ඉන් පසු කුරුනැගල දක්වාවු ගමන් මග වන අසිරියෙන් පරිපුර්න වූ වක් විය.

ගමන් ගත් පලමු දිනයේ මෙන්.....රාත්‍රිය....කොලොම් තොට සිපගනිද්දී අප රැගත් දුම් රිය අගනුවරට ලඟාවිය...තවත් සුන්දර චාරිකාවකින් සන්තුපත වු අප සැම තාවකලිකව එකිනේකාගෙන් සමුගතිමු...............

Wednesday, July 13, 2011

කොච්චියෙන්..වාලච්චෙනෙට..කඳවුරු ක්‍රිඩා..3..න.


පුරා...පැය දහයකට ආසන්න කාලයක් දුම් රියෙහි ගමනේ යෙදුන අප මෙවන විට වෙහෙසට පත්ව සිටිමු....
අප මෙහි පමිනෙන විට අපගේ පැමිණීම අපෙක්ෂාවෙන් සිටි දමිල යහලුවන් දුම් රිය වෙදිකාවේ දී අපට මුනගැසුනි.

ත්‍රීරොද රථ කිහිපයක නැගුන අප ඔවුන්ගේ ආයතනය පිහිටි ස්ථානයට ගියෙමු. විවෙක ගැනිමට ඇත්තේ තව පැය 2 පමන සුළු කාලයකී.. මන්ද උදැසන 7 පමන වනවිට අප පිරිසෙන් කිහිප දෙනෙකු කඳවුරු භුමිය සකසා ගැනිම සඳහා එහි යායුතුය.

තවමත් මඳ වරුසාවක් පතිත වේ... පැමිනි ස්ථානයේ පිහිටි ශාලාවක පැදුරු කිහිපයක් එලාගත් අප සැම මඳක් ඇලවුනෙමු. මෙවැනි ප්‍රදේශයන්හි පහසුකම් පිළිබඳ මහා බලාපොරොත්තු තබගත නොහැක. එසෙම මදුරුවන්ගේ ද අඩුවක් නොමැත.

වටින්ගොඩින් එලිය වැටිගෙන එන යාමයේ අප තේ කහට කොප්පයකින් සප්පායම් විමු.මුලින් වැඩ බෙදාගත් පරිදි....කාගෙත් සහය ඇතිව මුල් කන්ඩායම අවශ්‍ය කරන ආම්පන්න සුදානම් කර ගන්නා ලදී......අපගේ කඳවුරු භුමිය පිහිටා තිබුනේ "පාසිකුඩා ප්‍රසිද්ධ වෙරලට යාබදවය..."

උදැසන 7.30 ට පමන අපගේ එක් කන්ඩායමක් අදාල ස්ථානය කරා පිටත්ව ගියෙය. මන්ද අපගේ ගමන් රථය වුයේ කුඩා ලොරියකි " ඩිමො බට්ටෙක්" අවශ්‍ය කරන ආම්පන්න සමග සැමටම එහි එකවර යානොහැක.
හිරු රැස් බිමට පතිත නොවෙන තරම්ය..අහස වලාකුලින් බරය....මුහුදු රල උස්ව නැගෙමින් පවති... මේනම් කඳවුරු අත්දැකිමකට එතරම් සුවබර දවසක් නොවෙ. නමුත් ආපසු හැරෙනු නොහැක, සැතපුම් සිය ගනනක් මඟ ගෙවා මෙහි පැමිනියේ......ආ කාරිය අතැරදන්නට නොවේ.


කෙටි අදහස් හුවමාරුවකින් පසු වෙරළ බඩ පරිසරය අපට අවශ්‍ය පරිදි සකසා ගතිමු..අප රැගෙනවිත් තිබු කුඩාරම් අතුරින් තරමක් විශාල කුඩාරම් දෙකක් ඉක්මනින් සකසාගත්තෙමු..මන්ද අහස කොයිවෙලේ අඬා වැටේදොයි සැකසිතුන බැවිනි,..

එසේම ලනු යොදා පොල්ගස්වල අධාරයේන් යම් යම් ක්‍රියාකාරකම් වල යේදිමට අවශ්‍ය වු සැකිලි සාදාගතිමු.... " වඳුරු පාලම..." මෙ අතර උදේ ආහාරය සමගින් අපගේ අනේක් පිරිස ද අප හා සම්බන්ද විය.මඳ විවෙකයකින් පසු මුහුදේ දිය කෙලි සඳහා පහුරක් තැනිමට අවශ්‍ය වු ලී දඬු ලොරියේ අධාරයෙන් ගෙන්වා ගන්නා ලදී. උදැසන 9.00 පමණ වනවිටදී ප්‍රද්ශයේ ලමුන් ද සමගින් අපහට මේ කටයුත්තට අරාධනා කරනු ලැබු පිරිස කඳවුරු භූමියට සැපත් විය.

කෙටි හඳුන්වා දීමේ වැඩසටහනකින් පසු අපගේ ක්‍රියා කාරකම් අරඹන ලදී. යුද්ධයේ යම්කිසි බලපැමක් හෙයින් දො ලමුන්ගේ සබකොලත්වය බොහො වැඩිය. අපගේ අත්දැකිම් වලට අනුව බස්නාහිර පලාතට වඩා රටේ අනිකුත් පලත්වල මෙම ලක්ෂණය බොහොසෙයින් කැපි පෙනුනි. විශේෂත් වය වූයේ ගැහනු ලමුන්ගේ ක්‍රියාකරකම් පිරිමි ලමුන් මුලික කොට පැවතිමයි. එනම් හැමවිටම ඔවුන් පිරිමි ලමුන්ට මුල් තැන දී කටයුතු කිරිමයී..


නමුත් අප සමග ගිය අපගේ සහොදරියන් විසින් ඔවුන් හා සමග ක්‍රියා කාරකම් වල යෙදී යමිකිසි පුහුනුවක් ඔවුන්ට ලබාදෙන ලදී....ඇත්තෙන්ම මෙවැනි කඳවුරු ක්‍රියා කරකම් මගින් පොදුවේ පැමිනෙන සියලුම ලමුන් කෙරෙහි අවදානය යොමුවෙන අතර අවසානයේ යම් විනයකින් හෙබි ඔවුන් තුලින් ඔවුන්ගේ සැඟවී ඇති කුසලතා වර්ධනය කරගැනිමට ද ක්‍රිඩා තුලින් යම් සතුටක් ලාබාදීමට ද අප හැමවිටම උත්සාහ ගතිමු.
නමුත් කුමන අයුරකින් හො ඔවුන්ටම විශේෂිත වූ ඔවුන් ගේ ජන ජීවිතයට බාධා වන ආකාරයේ කිසිඳු බලපැමක් නොකිරිමට වග බලාගතිමු.


දවස මුලුල්ලේම විටින් විට අහස හඬා වැටිනි නමුත් එයින් අදෛර්ය වූයේ අප නොවේ.සවස 4.00 පමන වන විටදී ක්‍රියා කරකම් අවසන් විය. ගතින් මහත් වෙහෙසට පත්ව සිටියද වැඩසටහන බොහො සාර්ථක බැවින් සම්තුප්තියෙන් යුක්තව රාත්‍රිය ගත කිරිමට පෙරදින අප සිටි ස්ථානය වෙත ගමන් ගතිමු.

Friday, July 8, 2011

කොච්චියෙන්...වලච්චෙනෙට...කඳවුරු ක්‍රිඩා.....2..ක.


"ත්‍රිකුනාමලේ යන අය පිටිපස්සේ පෙට්ටි වලට නගින්න...."

මහවෙන් පිටත් වූ තැන්පටන් සන්සුන්ව පැමිනි දුම් රිය තුල මහා ගාලගොට්ටියකි.....ඒ ගල් ඔය දුම් රිය මන්සන්දියයි..... මෙතෙක් එකම දුම් රියක එක් මගක ගමන් ගත් ජනකොට්ඨාශයක් දෙකට බෙදෙන අවස්තාවකි මේ....මන්ද මඩකලපු දුම් රිය ගල් ඔයෙදී එක් කොටසක් ත්‍රිකුනාමලයට ද අනෙක් කොටස මඩකලපුව බලා ගමන්ගන්නා බැවිනි.

දුම් රිය ජෙලර් වරයකු මෙහිදි මහා හඩින් කැගසමින් ...මිනිසුන් දැනුවත් කරයි....අඩ නින්දේ පැමිනිනේන බොහො මඟින් අන්දුන් කුන්දුන්වී තමන් යායුතු මග පසක් කරගැනිමට වෙහෙසෙයි. පැය කාලක පමන කාලයක් නවතාතිබු දුම් රිය නැවතත් මඩකලපුව බලා ඉදිරියට ඇදින.....


රාත්‍රිය තරුණය....දුමිරියේ මලානික අලොකයෙන් අවට පරිසරය හඳුනා ගැනිම දුෂ්කරය...කවුලුවෙන් පිටත පරිසරය ග්‍රහනය කිරිමට තාතණන දැස් දැන් දැන් පොපියයි...මහා වන අරනක් මැදින් දුම් රිය දිවෙන බවට දුම් රිය වට ලන්නට මෙන් නැගිසිටින මහා අදුරු සෙවනැලි පසක් කරයි.

වනයේ සතුන් ඝහන ප්‍රදේශයක් බැවින් හො සංඥා එලි වල දොෂයක් බැවින් දො වරෙක දුම් රිය ඉතා සෙමින් දාවනයේ යෙදින.රැ මැදියම පසුවී හොරාවකට පමන පසු අප රැගත් දුම් රිය පොලොන්නරුව වෙත සැපත්විය.

දිවාකල මෙන් මහාකලබලයක් නොතිබුනද දුම් රිය පල හා වෙදිකාව මත මඟින් කිහිප දෙනකු ඒමේ අත ඇවිදිනු දක්නට ලැබින...නැවත දුම් රිය සෙමෙන් තම ගමන අරඹා ඉදිරියට යනවිට හුලු එලි කිහිපයක් මග දෙපස ගමන් කරනු පෙනේ...ඒ හොල්මන් නොව..දුම් රියෙන් බැසගිය මඟින් බව සක්සුදක් සේ පැහැදිලිය.

ප්‍රසිද්ද මනම්පිටිය පාලම පසුකල දුම් රිය තැනිතලා බිමෙහි වෙගයෙන් ඉදිරියට ඇදෙයි.......මහවැලි නදිය තරනය කර සැතපුම් කිහිපයක් ගමන් කල අපහට අප යන දිශාවෙහි අහස රත්පැහැයෙන් ආලොකමත් වි දර්ශනය වන්නට විය. වැසි මඳ කලක් බැවින් වලාකුලෙන් තොර අහස තරු රටා වලින් සන්නද්ධව පවති. නමුත් මේ රත්පැහැය අපහට අමුත්තකි. මන්ද අරුනළු වැටෙන්නට තව බොහො වෙලා ඇතිබැවිනි.

ඉක්මනින්ම අපගේ කුහුල සන්සිඳුවිමට දුම් රිය සමත් විය ...ඒ පූනැව නාවික කඳවුරින් නැගෙන ආලොකයයි...පූනැව දුම් රිය පල පෙනෙනෙ මානයට සේන්දුවෙත්ම...බොහො ඇතින් කඳවුර දර්ශනය වෙයි...කඳෑවුරේ ආලොක කදම්භ දසත විහිදේ...ඒ මගින් අහස රත්පෑ ගැන්වි ඇත....

පූනැව පසුකර පැමිනි අප වාලච්චෙනේට බොහො ලංවනවිට ......මඳ වැස්සක් කඩාහැලෙන්නට විය.... වාලච්චෙනේ දුම් රිය පලින් අප බැසගත් කල පාන්දර 4.30 කනිසම දුම් රිය පලෙහි සටහන් වි තිබින...

Tuesday, July 5, 2011

කොච්චියෙන්..වලච්චෙනේට.....කඳවුරු ක්‍රීඩා...1 ක....


ඉක්මනට වැඩටික ඉවරයක් කරගත යුතුය......
කථිකා කරගත් පරිදි රාත්‍රී 7.20 කොච්චිය සඳහා කොටුව දුම් රිය ස්ථානය වෙත යායුතුය....නැතහොත් රසවත් අද්දැකිමක් මගහැරියනු ඇත.
මේ සුදානම වාලච්චෙනේ බලා යැමටයි.මන්ද එහි සිටින අපගේ දමිල සහුර්දයන්ගේ ඇරයුමක් මත කඳවුරු ක්‍රියාකාරකමක යෙදිමටයි.

දහවල් පරිචය අවසන්වී..රාත්‍රි රැඟුමට කොලොම්පුරය සැරසෙත්ම ...අපපිරිස කොටුව දුම් රිය පලට වන්හ. රාත්‍රි 7.00 පමන වනවිට මඩකලපුව බලා දිවෙන රාත්‍රි දුම් රිය 3න් වන වෙදිකාවට ලඟාවිය.කලින් ආසන වෙන්කරවාගන තිබු බැවින් කරදරයකින් තොරව ම, අප දෙවන පන්තියේ අප සඳහා වෙන්වු මැදිරියට ගොඩ වීමු.ඇත්තෙන්ම අපට පැය 10ක පමන කාලයක් දුම් රිය තුල ගතකිරිමට සිදුවේ..රාත්‍රී කාලය බැවින් මනාලෙස මග රූසිරි නැරඹිය නොහැක. ටික වෙලාවකින් දුම් රිය තම ගමන ඇරඹීය.

සඳුගේ කාන්තිය කැළණි ගංතලාව පුරා පැතිරුන මොහොතක අප රැගත් දුම් රිය කොලොංතොට සීමාව පසුකලේය. නිරන්තර දුම් රියෙන් නැගෙන හඬ ඇරුනුකොට, අප දෙවන පන්තියේ අසුන් ගෙන සිටි බැවින් හා රාත්‍රි කාලය උදාවි තිබු බැවින් දුම් රිය තුල ඝොසාකාරී බවින් තොරවිය. රාත්‍රි ආහරය දුම් රිය තුලදී අනුබවකිරිමෙන් පසු යමෙක් ආගියතොරතුරු හෙට දින වැඩ කටයුතු වල දොඩ මළු වු අතර..., තවෙකෙක් නින්දත් නොනින්දත් අතර සටනක යෙදෙනු දැකිය හැකිවිය.
දුම් රිය වේගය...නිරන්තර වෙනස්වීම් වලට තුඩු දෙමින් ඉදිරියටම ඇදෙයි..... යම් අවස්ථා වකදී.. විල්ලු අතරින් එය දිවයයි...... රැ මැද හෙයින් දො,.. වා කවුලු තුලින් තරමක සීත සුලඟක් හාමා එයි.... විටෙක එය ගතේ දැවටි හිරිඟඩු නංවයි......

පැය කිහිපයකට පසු දුම් රිය අප එක්... සන්දිස්තානයකට ගෙනෙන ලදී...ඒ මහව දුම් රිය ස්ථානයයි.මහව දුම් රිය ස්ථානයටම වෙන්වු අපුරු විශේෂත්වයක් ඇත ඒ...කොපි පානයයි...කොපි වලින් පිරවු උනුසුම් බොතල් රැගත් පුද්ගලයන් එමේ අත දිවයමින් එවා අලෙවිකරයි... දුම් රියේ නිදමින් සිටින බොහො මගීන් මෙම ස්ථානයේ දී.... අවදීවී කොපි පානය කරයි. " ඇත්තෙන්ම මහව හා කොපි එකට බැඳී ඇති සෙයකී...."

මහව ප්‍රධාන දුම් රිය මාර්ග දෙකක් වෙන්වන සන්ධිස්ථානයක් වේ. මද වෙලාවක් ගමන් වෙහෙස නිවු දුම් රිය ...නැවත තෙරක් නොපෙනෙන අදුර මැදින් මඩකලපුව බලා ගමනේ යෙදෙන්නට විය....