Thursday, June 30, 2011

විශ්‍රාම ය........අවශ්‍ය ද...?


1996 වර්ෂයේ ඒ තිරනාත්මක දවස උදාවිය..රාජ්‍ය සංස්ථා වල පමනක් නොව රජ්‍ය බැංකුවල සෙවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරන ලදී.. නමුත් පවතින රජය රාජ්‍ය සංස්ථාවල නැවත එය සක්‍රිය කරනලදී...

නමුත් බැංකු සෙවකයා කුඩම්මාගේ දරුවන් සේ සලකා ඔවුන් ඇකයෙන් බිමට හෙලන ලදී.....

ඉන් ඉක්බිති... විශ්‍රාමය දිනාගැනිමේ සටනේ පියවරයන් කීපයක් ඉදිරියට ගෙනයනු ලැබුවද......
යම් යම් පුද්ගලයන්ගේ බඩ ගොස්තර වාදි බව, උස් පුටුවලට ඇති ගිජුකම ආදී එකි, මෙකී නොකී ..දැ මත සටන ට බාදා ඇතිවිය සමිපතම උදාහරන කිපයක් ගත්කල " සාමජිකයින් 12000 ට අදික පිරිසක් රැගත් විහාරමහාදේවි උද්‍යානයේ සිදුකල උද්ඝොශන රැලියෙදි එදා සංගම් නායකයා කඩේ නොයන්නට ..අද බැංකු සෙවකයා විශ්‍රාමය බුක්ති විදිනු ඇත.."
( එසේම එකී නායකයාගේ බලලොබී තන්හාව හෙතුකොට නොගැනෙන්නට බැංකු සෙවකයාගේ පඩියට කෙලවෙන්නේද නැත ) අසන්නතම සිදුවිමනම්...ප්‍රධාන රාජ්‍ය බැංකු 3න ඉදිරි පිටදී කරගනු යනු ලැබු සටන් ක්‍රියාවලිය සාර්ථක විගෙන එත්ම ඉහත කී නායකයාගේ අඩ්පාරෙ යන ගොලකොට්ඨාශය නැවතත් පෙරලෙසම සටන පාවාදීමයි.

ඒ කෙසෙද යත් රජය සමග හවුලේ පවුල් කමින් මෙකී කිසිදු සිද්දී දාමයකට අනුගතනොවු සහොදර පුද්ගලික අංශය මෙම ප්‍රශ්නයට ඇඳා ගැනිමයි ඉනියා විශ්‍රාමයක් උසීගන්වමින් මොවුන්ගේ යකා නැටිම හෙතුවෙන් සිදුවුයේ අහිංසකයෙකු මෙලොවින් සමුගැනිමයි...

මාගේ වැටහිමට අනුව අපගේ පුද්ගලික අංශය රටේ ප්‍රගතියට ඉමහත් දායකත්වයක් ලබාදෙයි.....එය එසේ තිබියදී ඔවුන්ව ගොනාට ඇන්දීමට තැත්කිරිම නින්දිත ක්‍රියාවකි, වැරදුනේද එතනය....

නමුත් වර්තමානය වනවිටත් රජ්‍ය බැංකු සෙවකයාට හැඳි දෙකකින් බෙදිම සදාචාරයට පටහැනිය. මන්ද යත් 1996 පෙර සෙවයට බැදුන සාමජිකයනට විශ්‍රාම වරප්ප්‍රසාදය කැපය. නමුත් 1996 පසු එම පවුලේ සාමජිකයනට විශ්‍රාමය අකැපය...මේනම් විහිලුවකි. ...

වර්ථමානයේ විශ්‍රාමයට දායකවිම සංවර්දනය වන රටක් වශයෙන් මහත්බරක්නම්........!
රජයට කබුරමින් තම ජිවිතේ හොදම කාලය ....කැපකොට... දුබලව පාරට වැටුනකල තම ජීවිත වෙදිකාවේ රංගනය අවසනතෙක්..යැපිමට තිබු EPF පතට නොකෙලා... තව 5% කින් එය වැඩ්කරනු.....

Wednesday, June 29, 2011

සමනල කන්දට කැලේ මැදින් ...( 10..ය..අවසන් කොටස...)


අවසන අපගේ අරමුන සාර්ථකය .....ශාරිරිකව කිනම් පිඩාවන් ගෙන දුනද...සියල්ලන්ගෙම මුහුනු සිනාරැල්ලකින් වර්නවත්වී ඇත ...

ශනිදා සැඳැවරුවේ අප සමනල සිරසේ..මළුවට පඩි 50 කට පමන පහලින් පලාබද්දල මාර්ගයට සෙන්දුවිමු.....

ඇත්තෙන්ම එය එසේ සිදුවිය..." අප පඩි නගිමින් ඉහලට යනවිට මෙදිනම අප පසුකර ගිය දමිල කන්ඩායම අපට හමුවිය.." ඔවුන් හදපිරි සතුටින් සිරිපා නැමඳ අප පසුකර ගියේය. සැඳැ කලුවර වැටෙත්ම සිරිපා කරුණාකර අවසන් කල අපපිරිස....පලාබද්දල මාර්ගය ඔස්සේ නැවත පහලට බැස්සෙමු....


මෙතෙක් ඝන වනාන්තරය ඔස්සේ පැමින, රැයක් වනයෙහි ගතකර නැවතත් වනය අනුගමනය නොකොට පඩි බසිමින් යනගමන...එතරම්ම වෙගවත් නොවෙ.. මන්ද නැග්මට වඩා පඩි බැසිම අමාරු කාරියක් බැවින...

කෙසේහො රාත්‍රියම ගමනේ යෙදුන අප ඉරුදිනට එලිවෙත්ම පලාබද්දල මාර්ගයේ ආරම්භයට පැමිනිමු. එතැන්සිට අප රැගෙනයාමට පැමින තිබු රථ යෙහි නැගි නැවතත් සපුගස්තැන්න වතුයායේ නිවසට පැමිනිමු.

ගමන සාර්ථකය ...... නමුත් අඩුපාඩු නොතිබුනා නොවේ.... එවා ඉදිරියේදී අනිකුත් චාරිකවල සාර්තකත්වයට හෙතුවනු ඇත. ගමන් වෙහෙස මදකින් නිවාගත් අප සැම..ඒ සොඳුරු පරිසරයට සමුදී නැවතත් කොළඹ බලා පිටත්විමු...........

නිමි....



Monday, June 27, 2011

සමනල කන්දට කැලේ මැදින් ...(9..‍ය..)



ලා මිදුමත් සමග හිරුගේ රැස් නිම්නය සිපගනිද්දී.... එකා දෙන්නා..කැලැවදිති...


ගෙනැවිත්තිබු වතුර බොතල් ගඟේ ජලයෙන් පුරවා ගත් අපේ කස්ට්යේ සාමජිකයන් උදැසන තම ප්‍රතම කාරිය ඉටුකරගැනිමට .... එකා බැගින් වනයේ අතුරුදන් විය....
හිරුගේ රෂ්මිය කෙතරම් චන්ඩ වුවද අධික ශීතල පැය කිපයක් එලෙසම පැවතින. උදැසන ආහාර වෙල මෙන්ම දහවල සඳහාත් ආහාරයක් සකසා ගත් අප ගඟෙහි බැස හොදහැටි නාගතිමු...


මේ අතර වාරයේ තවත් අමුත්තන් පිරිසක් වේගයෙන් අප පසුකර ගඟ හරහා එගොඩ වී අනෙක් අන්තයෙන් නැවත වනයෙහි අතුරු දන්විය...
ඒ අවස්ථාවේ අප හට මගපෙන්විමට පැමිනි එක් මාමා කෙනෙකු පවසා සිටි අන්දමට..... "ඔවුන් අප ගමන පටන් ගත් පෙදෙසේ ලැයිම් වල ජිවත්වන දමිල ජනකොටසක් බවයි...එසෙම ඔහු අවදාරනයෙන්ම කියාසිටියේ අප පිරිස සමනල කඳුමුදුනට පිවිසෙන විට ගියපිරිස සිරිපා නැමද ආපසු එනු අපට හමුවනු ඇතිබවයි....එතරම්ම ඔවුන්ගේ ගමන වෙගවත් බවය"

නැවතත්, අප අපගේ ගමන ඇරඹු අවස්ථාවේ අප සමග පැමිනි අපේ මගකියන්නන්...සැමගෙම අත්වල පඬුරක් බැගින් ගැටගසන ලදී. ගමන ඇරඹු පලමු දින පටන් මෙවනවිට අපපිරිස රාත්‍රින් දෙකක් ගතකොට අවසන්ය. කෙතරම් ශාරිරික පිඩා පැවතියද මොවුන් තම අරමුන කරා යනගමනේ පැකිලිමකින් තොරව ඉදිරියට ඇදෙයි...
ගංගාව තෙක් පැමිනි ගමන් මගෙහි යම් තැනිතලා බවක් සහ අවසන අදික බැස්මක ගමන් කලද...නැවත ගමන ඇරඹු අවස්තාව ඉට හාත්පසින්ම වෙනස් විය..මුලින්ම ශිඝ්‍ර නැග්මකින් ගමන ඇරඹිමට අපට සිදුවිය..ගස් මුල් වල අධාරයෙන් ඉහලට ආ අප තවදුරටත් ඉහලටම ගමන් කෙරිමු...වසනාවට මෙන් නැග්මේ ශීඝ්‍රතාව පමනක් කෙමෙන් අඩුව්ය .

වියලි කාලගුනයක් හෙයින් හාත්පස පරිසරයම කර්කශ බවකින් පෙලෙයි...පැය කීපයක් එකාකාරිව ගමනේ යෙදුන අප ..එක් දිය කඳුරක් අබියස මදක් රැදුනෙමු....


සාපිපාසාව මඳකින් නිවාගත් අප..නැවත ගමනේ යෙදුනෙමු..දැන් දැන් ඉහල මලුවේ ශබ්ධ වාහිනිවලින් නැගෙන නාදයන් අපගේ සවනේ වැකෙයි.......මෙනම් අප මළුවට ලංවනබවට ශුබ ලකුනකී..අතිරින් පතර ගස් අතරින් සිරිපා කදුමුදුන මනරම්ව දර්ශනවෙයි...


රුස්ස ගස් අතරින් පැමිනි ගමනේ මෙවනවිට...මහගස් කෙමෙන් වියැකී කදුකර පතන ශාකයන්ට ප්‍රමුකත්වය ලැබි ඇත...ඉහලින් අලංකාරව මලුව පෙනුන අතර අප දුර්ඝයේ අතිශය අවදානම් කලාපය පසුකලෙමු...



ඇත්තේන්ම "එම හරිය සිගිරි ගලෙහි පා සලකුනු මත අඩිතබමින් ගලමුදුනට යැමට තිබු කලාපය සිහියට නන්වයි..." මන්ද අප ගමන්කල අඩි පාරෙහි එක් අන්තයක් කෙලින්ම පහතට නෙරා තිබු අතර අනෙක් පස කන්ද බිත්තියක් මෙන් ඉහලට එසවි තිබුබැවින...කඳු බිත්තියෙහි අත්තබමින් අප එම කලාපය පසුකලෙමු...

බැරිවිමකින් පා පැකුළුනහොත් නිසැකවම ප්‍රපාතයෙන් පහලට රුටා වැටෙනු ඇත.....

Tuesday, June 21, 2011

සමනල කන්දට කැලේ මැදින්.....(...8..අ..)


කුසගින්න, වෙහෙස සම්මිශ්‍රණය වු සන්ඳයාවකි.......

තවමත් අනෙක් පිරිසගේ සලකුනුකුදු නොමැත.., අඳුර මොරා එමින් පවති...මද අස්වැසිල්ලකට ඇත්තේ සදුගේ මලානික ආලොකයයි....

වැසි අවාරය බැවින් ගඟ නිසලව ගලයි...ගඟ හරහා විශාලව පැතිරුන ගල්තලාව අද දවසේ අපගේ නවාතැනයි...පැතිරුන ගල්තලාව මධ්‍යයේ ගල් දෙබොක්කාවකි.....එය පුළුල් නොවු බැවින් ගඟ ඉහල නාන තටාකයක් බඳුය... එසෙම දෙබොක්කාව අවසානයෙ ද ගල්පතුර ඔස්සේ ටිකදුරක් පහලට ගලා විත් එක්වරම පහලට ඇද හැලේ....එතන දිය ඇල්ලකි.....

ඇත්තෙන්ම එය මනහර දසුනකි..නමුත් වැසිකලකනම් ගඟහරහා යාම අතිෂය අවදානම් කාර්ය්‍යක් වේ. මන්ද මෙවෙලෙහි ශාන්තව ගාලායන නදිය චන්ඩ උ විට එ හරහා යන කුමන අයෙකු උවද ඇල්ලෙන් පහලට විසිකරන බැවිනි.

පිරිසෙහි කිහිප දෙනකු ඒ මේ අත ගොස් දඬු කිහිකයක් රැස්කලේය..ගඟ අද්දර දිරාපත්ව කඩාවැටුන පැල්පතක් විය,..අපගේ ගිනිමැලයට සහ කැම පිසිමට අවශ්‍යවු ඉන්දන අප එයින් පිරිමසා ගතිමු.. රාත්‍රිය සඳහා ගෙනැවින් තිබු නුඩ්ලස් පැකට් කිපයක් පිස ගතිමු..එ සමග තේකහට ටිකක ද සාදාගන්නාලදි....


මෙ අතර තුර වනයේ අප ගඟට බට දිශාවෙන් විදුලි අලොක දහරා කිපයක් සමග පිරිසකගේ කටහඬවල් ඇසෙන්නටවිය.......නිශ්චිත වශයෙන්ම ඒ අපගේ අනෙකුත් පිරිස වියයුතුය....ස්වල්ප වෙලාවකට පසු අප මෙතැනට පැමිනි පරිද්දෙන්ම ඔවුන්ද උරගයන් මෙන් ගස්මුල්වල එල්ලිගන ගඟට බටහ.

කිහිප දෙනකුම අඳුරෙහි ගමන් කිරිම හෙතුවෙන් ශාරිරික තුවාල ලබා සිටියහ. දෙතුන් දෙනකුම ආ මගෙහි..කිහිප විටක් පෙරැලි ගොස් තිබෙ.... වසනාවට දරුනු පිඩාවන් කාහටවත් නොමැත.
රාත්‍රි ආහරයෙන් පසු තවත් ගිනිමැලයක් ගල්දෙබොක්කාවෙහි අනෙක් පස ගල්තලාවෙහිද ගසන ලදි,..ගෙනැවිත්තිබු කූඩාරම් රෙදි ගල්තලාව දෙපස අතුරාගත් අප නිදන්නට සැරසුනෙමු....


කෙසේ, නිදන්නද... රාත්‍රිය ඝනවත්ම සීතල එන්න එන්නම දරුනුය....ශරිර කුඩුව රෙදිවලින් වසාගත්කල දෙපයේ යටිපතුල් සිතලෙන් පුපුරු ගසන්නට වෙයි.....ගිනිමැලයට ඉතා ලංවනසේ දෙපා තබාගත් අප යලි නිදන්නට උත්සහ කලෙමු..


එවර තවත් කලබලයකි....අප සොයුරියක් සීතලෙන් වෙවුලිමට පටන්ගෙනය...හැකි ඉක්මනින් ගෙනැවිත් තිබු..උනුවතුර "හොට් වොටර් ටියුබය" ඇයට උනුසුම් විමසඳහා දී.....අදික සීතලින් මිදිමට අවශ්‍ය පහසුකම් සලසන ලදී..." ඇත්තෙන්ම මෙම අවස්තාව සැහැල්ලුවට ගත යුත්තක් නොවෙ..මන්ද... මිනිසාට සිතල උහුලා ගත නොහැකි වු විට හර්ධ ය අක්‍රිය වේ"


කෙසෙහෝ නින්දත් නොනින් දත් අතර..ගෙවුනු අපුරු රැයක් එසේ ගෙවි ගොස් අරුනාලොකය නිම්න භූමිය..පුරාවට ඇතිරෙන්න පටන්ගෙන ඇත.....

Friday, June 17, 2011

සමනල කන්දට කැලේ මැදින් (..7..අ.. )







ගස් අතරින් රාස්සිගේ අවුරැස්වල සේයා කදුවල්ලේ එතිවැටෙ...


වෙහෙස කරවු දුර්ඝය ඔස්සේ..අප කන්ඩායම තවම ගමනේ යෙදෙයි.....

ලත් මඳ විවෙකයෙන් පසු අප අඳුරු වු වන ගුල්මයකට ඇතුල්වින....එහිදි අපට අඩිපාර කන්ද වටා එතෙමින් වැටි ඇති අයුරු ඒත්තු විය.... " කදුකර මාර්ගයක වාහනයකින් ගමන් කිරිමෙදි ඉදිරියෙහි මාර්ගය කදු වටා එතෙමින් යන ආකරය දර්ශනවේ....මෙහිදි එසේ නොපෙනුන ද කන්ඩායමෙ ඉදිරියෙන් ගමන් කරන්නාවු පිරිසගේ හඩ ලගින් එහේත් සමාන්තර වු ගැනියහැකි උසකින් පහතට ගාලා එයි..."

එසෙම ඉහල සිටින පිරිසට තමන් ගමන් කරන මාර්ගයෙ පහලින් අනෙක් සොයුරන්ගේ කතාබස් හඬ ඇසෙයි....කෙසෙ වුවද අප කන්ඩායමේ සියලුම සාමජිකයන් අත විසිලය බැගින් තිබු බැවින් විසිල් හඩ ගුවන සිසාරා පැතිර ගියෙය...
මෙවනවිට සාමජිකයන් කන්ඩායම් දෙකකට බෙදි ගමනේ යෙදෙයි,....ඉදිරියෙන් ගමන් ගන්නා කන්ඩායම අනෙකට වඩා බොහො දුරස් වු බවක් හැඟේ මන්ද දැන් දැන්..., අනේකුන්ගෙ..විසිල් හඩකුදු සවනට නොවැටෙන බැවිනි.......

අදුරු පෙදෙස පසුකල අප මෙතෙක් නැග්මක් පමනක් වු අඩිපාරේ..යම් පමනක තැනිතලා පෙදෙසකට බටහ... මෙහි වනය තරමක් මිටි ගස්වලින් සහ කදුකර පතන වලින් යුක්තවිය.....එ අතරට කුඩා දිය පාරවල් ද දක්නට ලැබුනි...


අපටත් හොරා සැඳැ අදුර කෙමෙන් කෙමෙන් කදුකරය වෙලන්නට පටන්ගෙන ඇතිසෙයකි....අප යන මග සොබහවෙ වෙනසක් ද ඇතිවි තිබෙ...මෙතෙක් තැන්නක ගමන් ගත් අප දැන් පහතට බැවුම්..වු මගක් ගෙන තිබෙ...යන්න යන්නම බැවුම සිඝ්‍රවේ.... එක් පැත්තකින් එ... සුබ ලකුනකි..මන්ද,.. බැවුම ගංගාව අපට වැඩි ඇතක නොවන බව පසක් කරයි..

...නමුත් අදුර වැඩි වුවහොත් අපගේ කුඩා විදුලි පන්දම් වලට දරුනු බැවුමක් සහිත මග අප සුවසේ ගෙන යා හැකිදැයි සැකසහිතය... එසේම..අපගේ අනෙක් කන්ඩායමට ඉදිරිය කිසිසෙත්....සුබදායක නොවනු ඇත මන්ද ඔවුන් පිලිබද කිසිම හොඩුවාවක සලකුනු තවදුරටත් පෙනෙන්නට නැත....
එක් වරම...යන මගෙහි එක් ඝන බැවුමක ....ශාක අතුපතර නොවිහිදුන තැනෙකින් සමනල කදු මුදුන අලංකාරව දර්ශනය විය.....සියල්ල අමතකවු ලෙසින් අප එය නරඹන්නට වුයේ..අයෙ කවදා එබඳු දසුනක් ඇසගැටෙද්දොයි යන සැකයේනි....


මද ඇසිල්ලකින් නැවත ගමන් ඇරඹු අප මුල් කන්ඩායම.....දරුනු බැවුමක් බසින්නට විය..මෙවනවිට අදුර දසත වටකොට ඇත ..ඇත්තෙන්ම අප බැස්සානොව,...බඩගැවාකිවොත් නිවැරදිය...මන්ද ගං ඉවුරට පැමිනිමට එතරම්ම දුෂ්කර වු බැවිනි....

Friday, June 10, 2011

සමනල කන්දට කැලේ මැදින්......( 6..ය..)



සුර්ය්‍යා අපගෙන් තරමක් දුරස් වෙලා......

මන්ද බට කැලයේන් ම්දෙනවාත් සමගම දැඩි අතුපතර විහිදුන රූස්ස ගස් වලින් ඝහන වු වනාන්තරය අප ගිලගත් බැවිනි....

තෙත් කාලාපීය වනාන්තරවල අපුරු ලක්ෂනයක් වු "ශාක අතු වියනක ආකාරයෙන් විහිදී තිබිම.. " හිරුට අප තාලාපෙලා දැමිමට තිබු අවස්තා අහුරා ඇතිසෙයකි....

කැලය තුල කිසිදු ආකාර්යෙ ස්ථිර වුත් ක්‍රමවත් වුත් මාර්ගයක් දක්නට නැත.... අපගෙ මගපෙන්වන්නන් ඔවුනට සුපුරුදු අඩිපාරවල් ඔස්සේ අප මෙහෙයවයි....


එක පොදියට.. බටකැලය තුලට වන් සමුහය මෙවනවිට කන්ඩායම් කිහිපයකට බෙදිගොස්ය...ඒ ඔවුන්ගේ ශක්ති ප්‍රමානයෙන් කුඩැල්ලන්ගෙන් මිදිමට යෙදුන උත්සහයක ප්‍රතිපලයකි...

කේසෙවුවත් ගැටලුවක් නොහේ මන්ද මගපෙන්වන්නන් තිදේනා ද කන්ඩායම් තුනට බෙදිගොස් තිබු බැවිනි..... අපගේ දවසේ ප්‍රධාන අරමුන වුයේ මහවැලි ( යම් පිරිස් මෙය වලවෙ ගඟ ලෙස ද හදුන්වති ) ගඟ අසබඩ කඳවුරු බැඳ රාත්‍රිය ගත කිරීමයි......ඒ සඳහා තව බොහො දුර යායුතුය...
බ්‍රහස්පතින්දා සවස කොලඹින් පිටත්වු අප... මෙවනවිට රැයක් පහන්කර ..අපගෙ චාරිකාවෙ පලමු කදුගැටය තරණයකරමින් සිටි.... පටන් ගැන්ම වුව තරමක් අපහසුය... යම් තැනක නැග්ම දනහිස නිකටෙහි ගැවෙනතරම් උසය....

නමුන් අපගේ මග පෙන්වන්නන්ටනම් වගක්වත් නැත....ඔවුන්ට මෙ මග එතරම්ම හුරුපුරුදුය......ඔවුන්ට වු ගැටලුව අපගේ පමාවයි...මග යාමට අප දරන උත්සහය දකින ඔවුන්....මදසිනාහවකින් අපව දිරිමත් කරයි.....
කදුගැටයක් තරණයකල අපි, අපගේ මගපෙන්වන්නන්ගේ...අනුදැනුම මත එක් ස්ථානයක මදකට නැවතුනෙමු.. මෙහිදි නැවතත් කන්ඩායම් වලට බෙදි සිටි පිරිස එක්විය...

කුඩා දියපහරක් අසබඩ ගල්තලාවක් වු එම භුමිය, මින්පෙර මෙහි ආගිය පිරිස් ගිමන් නිවාගැනිමට යොදාගත් බවට සලකුනු දක්නට ලැබින...

පසුව විපරම් කිරිමෙදි අපගේ මගපෙන්වන්නන් පැවසු ආකාරයට එම ස්ථානය පැරනි අම්බලමකි,...නමුත් අද එහි නෂ්ඨාවශේෂ හො දක්නට නොමැත....

වෙලාව දවල් 12 පමන වි තිබු බැවින් කන්ඩායමෙ එකමුතුවෙන් හබල පෙති ආහරයට ගෙන ගෙනවිත්තිබු.. ..දෙහියුෂ පානය කොට ටිකවෙලාවකින්.....නැවත ගමන ඇරඹිමු...........

Wednesday, June 8, 2011

සමනල කන්දට කැලේ මැදින්.......(5.හ )



වෙලාව උදැසන 10 සලකුණු කරමින් තිබුනා උදෙරැයින් පිටත්වුන නිසා මෙවනවිට අපට කුසගිනි දැනෙමිනුයි තිබුනේ.....

සමනල කන්ද බලා යන ගමනේ තේවතුවල අවසන් සිමාවට අප ඇතුල්වී සිටි බැවින් උදැසන වෙල ගෙන අහවර කිරිමට කන්ඩායම තීරනය කලා....

කලින් තිරනය කරගත් පරිදි එක් කන්ඩායමකට උදේ ආහාරය පිලියෙල කිරීම නියම උනා....




උදැසන සඳහා ළුනු සම්බොල යක් සමගින් පාන් අනුබව කොට කට්ටිය, ප්ලෙන්ටියකින් පිපාසාව නිවාගත්තා....

ආහර ගැනිමෙන් විනාඩි 5 ට පසු අප නැවත ගමන් කිරිම ඇරබුවා...

සමනලකඳුවැටියේ ඒ ප්‍රදෙශයේ පිහිටි අවසන් ජනාවාසය වු අන්තිම නිවස්නය ද අප පසුකලා......





සමනල කඳු මුදුනට යන තෙක් මින් පසු මිනිසුන් පදින්චිවි නොමැතිබවයි අපට අසන්නට ලැබුනේ.....

තෙරක් නොපෙනෙන වන සිමාවෙ ආරම්භය අප ඇස්මානයෙ දර්ශනය වෙමින් තිබුනා....

නිමෙෂයකින්, බඩවැටිවලින් ඝහනව සහ බටගස්වලින් ඝහනවු භුමියකට අප කන්ඩායම අවතිර්න වුනා..... බිම තනිකර තෙත් සොබහවයක් ගනු ලැබුවා....
අභ්‍යන්තරයට යන්නට යන්නට බටගස් වියනක ආකාරයෙන් මුදුන් එකට බැදිපැවතුනා...

" අයියෝ........."

පිරිස මධ්‍යයෙන් නැගුනු කැගැසිල්ලකින් කන්ඩායම නොසන්සුන් උනා.....
ටිකක් විපරම් කර බැලුවිට හේතුව සොයාගත හැකිඋනා...පරිසරයේ සොභාවයටම සරිලන අපුරු යාලුවෙක් අපව සාදරයෙන් වැලඳගනිමින් සිටියා....

"කුඩැල්ලෙක්..."

කන්ඩායමෙ එක් සොහොයුරියකගේ පාදයෙහි එල්ලි සිටි උ අපේ සහුර්දයකු විසින් ගලවනු ලැබුවා...
නමුත් ඇතිවී තිබු තත්වය එතරම් සුවදායක නොවුනේ හතර වටින්ම කුඩැල්ලන්ගේ ප්‍රහාරයට අප පිරිස ලක් වෙමින් තිබු බැවිනි...

බට ගස්වලින් ඝහනවු මද නැග්මක් සහිත,පාසි බැදුනු බිමෙහි ගමන් කිරිම දුෂ්කර කාර්ය්‍යක්විය......
යටිගිරියෙන් කෙරෙන කෑගැසිම්, බිම දිගෙ රුටායැම්... ටිකවෙලාවක් යන තෙක් සාමනය්‍ය දෙයක් බවට පත් විය.....
ඇතැම් විට ගමන්කිරිම හස්‍ය ජනකය.......


ඔන්න ගමනෙ පටන් ගැම්මේ පින්තුර කිපයක්

































Friday, June 3, 2011

සමනල කන්දට කැලේ මැදින්......( 4..ර.)




බිම් කරුවල මැකෙමින් තිබුනා...

අපේ කට්ටිය 20 දෙනෙක් පමන හිටිය නිසා පාන්දරම අවදිවෙන්න සිද්දවුනා " මොකද කියනවනං...කට්ටියට දොට්ට පිලට යන්ඩ එපායැ..." කොහොමත් අපි පාන්දරම ගමන පිටත් වෙන්ඩ තමයි කටයුතු සුදානම් කරගෙන තිබුනෙ.........

හපුගස්තැන්න වතුයාය සමනල කඳු පන්තියේ එක් අන්තයක පටන් ගැන්ම්මෙ පිහිටලා තිබුනෙ... ඉතින් අපට සමනල කඳු මුදුන තරනය කරන්න...කඳුපන්ති 3ක් පමන පසුකරන්න සිද්ද වෙනව..අපි, සාමන්‍යයෙන් සමනල කන්ද මුදුනට යන පාරක් තොරානොගෙන කැලැබද කදුකර මාර්ගයක් තොරාගත් බැවින් ගමන ඉක්මන් කිරිම නුවනට හුරු දෙයක්..........

ඉහල පින්තුරේ තිබෙන්නෙ ඒ එක් කඳුවලල්ලක් තමයි...

පාන්දර තේ පානයෙන් පසුව අතරමගදි උදේ වෙල සප්පායන් වෙන්ඩ හිතාගත් අපේ කට්ටිය දෙවිදෙවතාවන් සිහිපත් කරගෙන...ගමන පිටත්වුනා...

පටන් ගැන්මෙදි අපට තේවතු මැදින් ගමන් කරන්න සිද්ද උනා...පාන්දරම වැටෙන ...සූර්ය දිව්‍ය රාජයාගේ ලා රැස් දහර කඳු අතර චමත්කාර දසුනක් මැවුව....

අපේ සහුර්දයගේ මලයා අපට මග කියන්න... මාමල තුන්දෙනෙකු.... ලබලා දිලා තිබුනා... කඳුකර කැලයට ඇතුල්වෙන්ඩ කලින් අපි තේ, සමග බැඳෙන ලැයින් ගම්මාන කිපයක්ම..පසුකලා....

ඒ දමිල සහුර්දයන් ඔවුන්ගේ අහිංසක සිනහවෙන් , ඔවුන් පසුකරයන අපට සංග්‍රහ කලා...

Thursday, June 2, 2011

සමනල කන්දට කැලේ මැදින්.........3.



රැ මැදියම වෙනකොට වත්තේ බංගලාව පාමුලට අපිව රැගත් බස් රථය පැමිනිලා තිබුනා....මාර්ගයේ පැවති පටු බව සහ වංගු සහිත වීම නිසා බසය බංගලාව පිහිටි භුමියට ගැනීම තරමක් අපහසු උනා...

කිහිපවරක් බසය ඉදිරියට සහ පසුපසට ගැනිමෙන් පසු රියදුරු මහතා බසය අපට අවශ්‍යය ස්ථානයට ගෙනෙනු ලැබුව.... අවට පරිසරය සඳරැස් වලින් නැහැවිලා......අවට තේවතු සිසාරා පැතිරිලා තිබුන සඳෙහි ආලොකය ඒ රාත්රිරය වර්නවත් කලා....

සපුගස්තැන්න වත්තේ පාලනය බලා ගන්ඩ පැවරිලා තිබුනේ අපේ කන්ඩායම් සගයෙකුගෙ ඥති පුත්ර යෙකුට.... ඔහු අපව සාදරයෙන් පිළිගනු ලැබුව....... අපේ කාලසටහනට අනුව උදැහැනැක්කෙම..... පිටත්වෙන්ඩ තිබුන නිසා කන්ඩායමට නිදාගන්ඩ තිබුනෙ සුලු කාලයක්....

ගමනෙ බර පොඩියකට පැත්තකින් තියලා කට්ටියම පුලුවන් පුලුවන් තැන්වල ඇලවුනා......නමුත්, ගතින් නිදාගත්තද........ සිතින් සැවොම අවදියෙන්.. ඒ බව..ඔවුන්ගේ..නිදාසිටි ඉරියවු වලින් දක්නට ලැබුනා....

Wednesday, June 1, 2011

සමනල කන්දට කැලේමැදින්.........( 2ක. )





බ්‍රහස්පතින්දා රැජාමෙ පිටත්වුන හින්දා...හපුගස්තැන්න වතුයායට යනකං...අපේ ගමනාගමනයට බස් රථයක් කුලියට ගනුලැබුව......

කොළඹින්..පිටත් වෙනකොට වෙලාව ටිකක් වැඩිපුර ගතවෙලා තිබුනා.... අපේ කට්ටිය ඔං.....කඳවුරු ගීත එහෙම කියන්ට තියාගත්තෙනැතැ.... අපි රත්නපුරයට එනකොට රාත්ත්‍රි 10 විතර වෙලා තිබුනා.

එතන ඉඳලා හපුගස්තැන්නට මාර්ගය වංගුවලින් ඝහන එකක් උනා...රාත්ත්‍රියෙ දැඩිකම නිසා අප පසුකරන පරිසරය කුමන ආකරයක් ගනුලබනවද කියන එක ගැන මනා වැටහිමක් අපට තිබුනෙනැ...නමුත් දැඩි වංගු සහිත පරිසරයක ආපේ කට්ටිය රැගත් බස් රථය ගමන් කරන බවනම් අපට වැඩිය අපේ ශරිරකුඩු වලට දැනෙන්ඩ පටන්ගෙන තිබුනා..........

සමනල කන්දට කැලේ මැදින්..........

අපේ කට්ටිය ලබපු තවත් රසවත් අත්දැකීමක්....අපේ පලවෙනි "හයික්" ඒකියන්නෙ පලමු කදුනැගිමෙන් පස්සෙ හොදට ප්ලැන්කරල කරපු දෙවෙනි හයික් එක...

මෙය රසවත් වගේම ත්‍රාසජනක අවස්ථා වලිනුත් පිරුනු එකක් උනා...

කොහොමහරි..සාකජචා වට කිහිපයකින් පස්සෙ එ..එ අයට යම්..යම් වගකීම් බෙදලා දීලා ගමන යන්ඩ දවසකුත් යොදාගත්තා........

බ්‍රහස්පතින්ද දවසක්....සවස 6.30 ට....විතර අපේ කන්ඩායමේ සගයන් එකිනෙකා "සගයන් කිව්වට අපේ කාන්තා පාර්ෂවයේ කස්ටිය තරහ ගන්ට එපා ඔං..." ප්‍රධාන මධ්‍යස්ථානයට රැස්වෙන්නට පටන් ගත්තා... අපි කොළඹින් පිටත් වෙන්න තීරනය කරන් හිටියෙ පස්වරු 7.30 ට පමන..

තීරනය කරගත් පරිදී රත්නපුරේ..සපුගස්තැන්න වතුයායට,.. මධයම රාත්‍රීයට පෙර යන්නයි කට්ටියගෙ සුජානම....